යෝෂුවා 3:15-17

යෝෂුවා 3:15-17 SCV

අස්වනු නෙළන මෙම මුළු කාලය පුරාවට යොර්දානය ගං වතුර ගලන තත්වයේ තිබිණි. එහෙත් කරඬුව රැගත් පූජකයින් යොර්දානයට ළඟා වී, ජල තීරුවට පා එබූ සැණින්, ගං ඉස්මත්තේ සිට ආ ජලය ගලා යෑම නැවතිණි. ඒ ජලය සාරෙතාන් කිට්ටුව අදාම් නගරය දක්වා බොහෝ දුරක් කන්දක් මෙන් ගොඩ ගැසිණි. අරාබා මුහුද හෙවත් ලුණු මුහුද දෙසට පහළට ගැලූ ජලය තීන්දුවට ම වෙන් ව ගියේ ය. එබැවින් ජනයා යෙරිකෝවට ඉදිරිපිටින් එතෙර වූහ. මුළු ඉශ්‍රායෙල් ජනයා, මුළු ජාතිය ම, දිය සීරාවෙන් තොර වියළි බිම පිට යොර්දානයෙන් එගොඩ වන අතරේ ස්වාමින්වහන්සේගේ ගිවිසුම් කරඬුව උසුලා සිටි පූජකයෝ යොර්දාන් ගඟ මැද වියළි බිමේ ස්ථිර ව සිටගෙන සිටියහ.

මෙයට අදාළ වීඩියෝ

යෝෂුවා 3:15-17 සම්බන්ධව නිදහස් කියවීමේ සැලසුම් සහ පූජනීයත්වය