යෝෂුවා 3:13-16

යෝෂුවා 3:13-16 SCV

මුළු පොළොවේ ස්වාමියාණන් වන ස්වාමින්වහන්සේගේ කරඬුව උසුලාගෙන යන පූජකයින් යොර්දාන් ජලයට පය ගැසූ සැණින්, ඉස්මත්තේ සිට ආ යොර්දාන් ජලය ගැලීමෙන් බෙදී, ඉහළ සිට පහළට ආ ජලය තනි ගොඩක් ව නැගී සිටිනු ඇතැ” යි පැවසී ය. එබැවින් ජනයා යොර්දානයෙන් එතෙර වන්නට කඳවුර හැර ආ කල, ගිවිසුම් කරඬුව උසුලා යන පූජකයෝ ඔවුන්ට පෙරටුවෙන් වූහ. අස්වනු නෙළන මෙම මුළු කාලය පුරාවට යොර්දානය ගං වතුර ගලන තත්වයේ තිබිණි. එහෙත් කරඬුව රැගත් පූජකයින් යොර්දානයට ළඟා වී, ජල තීරුවට පා එබූ සැණින්, ගං ඉස්මත්තේ සිට ආ ජලය ගලා යෑම නැවතිණි. ඒ ජලය සාරෙතාන් කිට්ටුව අදාම් නගරය දක්වා බොහෝ දුරක් කන්දක් මෙන් ගොඩ ගැසිණි. අරාබා මුහුද හෙවත් ලුණු මුහුද දෙසට පහළට ගැලූ ජලය තීන්දුවට ම වෙන් ව ගියේ ය. එබැවින් ජනයා යෙරිකෝවට ඉදිරිපිටින් එතෙර වූහ.

මෙයට අදාළ වීඩියෝ

යෝෂුවා 3:13-16 සම්බන්ධව නිදහස් කියවීමේ සැලසුම් සහ පූජනීයත්වය