යෝෂුවා 3:1-7

යෝෂුවා 3:1-7 SCV

යෝෂුවා අලුයම් උදයෙන් නැගිට, මුළු ඉශ්‍රායෙල් ජනයා සමඟ ෂිට්ටීම් වෙතින් පිටත් ව, යොර්දාන් වෙත පැමිණ, එතෙර වීමට පළමුවෙන්, ඔවුහු එහි කඳවුරු ගැසූහ. දවස් තුනකට පසු, නිලධාරීහු කඳවුර පුරා ඇවිද ගොස්, ජනයාට නියෝග කරමින්, “ඔබේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේගේ ගිවිසුම් කරඬුව, ලෙවීවර පූජකයින් උසුලාගෙන යනවා ඔබ දකින විගස, ඔබ සිටිනා තැන්වලින් මෑත් ව, ඒ පසුපසින් ගමන් කළ යුතු ය. එහෙත් ඔබත්, එයත් අතර රියන් දෙදහසක පරතරයක් තිබිය යුතු ය. ඊට ළං නො විය යුතු ය; මින් පෙර කිසි දින ඔබ මේ මාර්ගයේ ගොස් නැති බැවින්, ඔබ යා යුතු මාර්ගය එය ඔබට පෙන්වනවා ඇතැ” යි කීහ. යෝෂුවා ජනයා අමතමින්, “ඔබ ම පවිත්‍ර කර ගන්න; මන්ද ස්වාමින්වහන්සේ හෙට දවසේ ඔබ අතරේ විස්මිත දෑ සිදු කරන සේකැ” යි පැවසී ය. යෝෂුවා පූජකයින්ට කතා කොට, “ගිවිසුම් කරඬුව රැගෙන, ජනතාවට පෙරටුවෙන් ඉදිරියට යන්නැ” යි පැවසී ය. එබැවින් ඔවුහු එය උසුලාගෙන, ඔවුනට පෙරටුවෙන් ගියහ. ස්වාමින්වහන්සේ යෝෂුවාට කතා කොට, “අද දවසේ මම සියලු ඉශ්‍රායෙල්වරුන්ගේ ඇස් හමුවේ ඔබ උසස් කරන්නට පටන් ගනිමි. මා මෝසෙස් සමඟ සිටි පරිදි, ඔබ සමඟ ද සිටින වග එසේ ඔවුන් දැනගන්නවා ඇත.

මෙයට අදාළ වීඩියෝ