යෝෂුවා 3:1-4

යෝෂුවා 3:1-4 SCV

යෝෂුවා අලුයම් උදයෙන් නැගිට, මුළු ඉශ්‍රායෙල් ජනයා සමඟ ෂිට්ටීම් වෙතින් පිටත් ව, යොර්දාන් වෙත පැමිණ, එතෙර වීමට පළමුවෙන්, ඔවුහු එහි කඳවුරු ගැසූහ. දවස් තුනකට පසු, නිලධාරීහු කඳවුර පුරා ඇවිද ගොස්, ජනයාට නියෝග කරමින්, “ඔබේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේගේ ගිවිසුම් කරඬුව, ලෙවීවර පූජකයින් උසුලාගෙන යනවා ඔබ දකින විගස, ඔබ සිටිනා තැන්වලින් මෑත් ව, ඒ පසුපසින් ගමන් කළ යුතු ය. එහෙත් ඔබත්, එයත් අතර රියන් දෙදහසක පරතරයක් තිබිය යුතු ය. ඊට ළං නො විය යුතු ය; මින් පෙර කිසි දින ඔබ මේ මාර්ගයේ ගොස් නැති බැවින්, ඔබ යා යුතු මාර්ගය එය ඔබට පෙන්වනවා ඇතැ” යි කීහ.

මෙයට අදාළ වීඩියෝ