යෝෂුවා 24:19-28

යෝෂුවා 24:19-28 SCV

යෝෂුවා ජනතාව අමතමින්, “ස්වාමින්වහන්සේට සේවය කරන්නට නුඹලාට නුපුළුවන. උන්වහන්සේ ශුද්ධ දෙවියන්වහන්සේ කෙනෙක. උන්වහන්සේ ඊර්ෂ්‍යා සහගත දෙවියන්වහන්සේ කෙනෙක. උන්වහන්සේ ඔබේ අපරාධ හා ඔබේ පාප කමා කරන්නේ නැත. ඔබ ස්වාමින්වහන්සේ අත්හැර, විජාතික දෙවිවරුන්ට සේවය කළොත්, උන්වහන්සේ මින් පෙර ඔබට යහපත කළ නමුත්, උන්වහන්සේ ඔබ වෙත හැරී, විපත්ති ගෙනවුත්, ඔබ විනාශ කරන සේකැ” යි පැවසී ය. එහෙත් ජනයා යෝෂුවා අමතමින්, “නැත! අපි ස්වාමින්වහන්සේට සේවය කරන්නෙමු” යි පැවසූහ. එවිට යෝෂුවා, “ඔබ ස්වාමින්වහන්සේට සේවය කිරීම තෝරාගත් බවට ඔබ, ඔබට ම එරෙහි සාක්ෂිකරුවන් වී යැ” යි පැවසී ය. “ඔව්! අපි සාක්ෂිකරුවෝ” යි ඔවුහු පිළිතුරු දුන්හ. එවිට යෝෂුවා, “එසේ නම් දැන් ඔබ අතරේ ඇති විජාතික දෙවිවරුන් ඉවතලන්න; ඔබේ හදවත්, ඉශ්‍රායෙල්ගේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ වෙත නැඹුරු කරන්නැ” යි පැවසී ය. ජනයා යෝෂුවා අමතමින්, “අපි අපගේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේට සේවය කරන්නෙමු. උන්වහන්සේට ම කීකරු වන්නෙමු” යි කීහ. ඒ දවසේ යෝෂුවා ජනතාව උදෙසා ගිවිසුමක් කළේ ය. ෂෙකෙම්හි දී ඔහු ඔවුන්ට නියෝග ද නියමයන් ද ස්ථාපිත කළේ ය. යෝෂුවා මේ දෑ දෙවියන්වහන්සේගේ ව්‍යවස්ථා පොතෙහි ලිව්වේ ය. ඉන්පසු ඔහු විශාල ගලක් ගෙන, ස්වාමින්වහන්සේගේ ශුද්ධස්ථානය අසල ආලෝන් ගස යට එය පිහිටුවී ය. ඔහු මුළු ජනතාව අමතමින්, “බලන්න, මේ ගල අපට එරෙහි සාක්ෂියක් වනු ඇත. ස්වාමින්වහන්සේ අපට පැවසූ සියලු වචන මේ ගලට ඇසිණි. එබැවින් ඔබේ දෙවියන්වහන්සේට ඔබ වංක වූවොත්, එය ඔබට එරෙහිව සාක්ෂියක් වනු ඇතැ” යි පැවසී ය. අනතුරුව යෝෂුවා, ජනයා ඔවුනොවුන්ගේ උරුම කොටසට පිටත් කර යැවී ය.

මෙයට අදාළ වීඩියෝ

යෝෂුවා 24:19-28 සම්බන්ධව නිදහස් කියවීමේ සැලසුම් සහ පූජනීයත්වය