“එබැවින් ඉතා ශක්තිමත් වන්න; මෝසෙස්ගේ ව්‍යවස්ථා පොතේ ලියන ලද සියල්ල පවත්වන්නට හා කරන්නට ප්‍රබල ව සිටින්න. එයින් වමට හෝ දකුණට හෝ ඉවත නො හැරිය යුත්තේ, ඔබ අතරේ ඉතිරි ව සිටින මේ ජාතීන් සමඟ මිශ්‍ර නො වන පිණිස හා ඔවුන්ගේ දෙවිවරුන්ගේ නමින් යාතිකා කිරීම, දිවිරීම හෝ ඔවුන්ට මෙහෙ කිරීම හෝ ඔවුන්ට වැඳුම් පිදුම් හෝ නො කරන පිණිසයි. එහෙත් මේ දක්වා ඔබ කළ පරිදි ඔබේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේටතදින් ඇදී-බැඳී සිටින්න. “මන්ද ශ්‍රේෂ්ඨ වූත්, මහ බලවත් වූත් ජාතීන් ස්වාමින්වහන්සේ ඔබ ඉදිරියෙන් පන්නා දැමූ සේක; ඔබ ගැන නම්, අද දවස දක්වාත් ඔබට එරෙහිව නැගී සිටින්නට කිසිවකුටත් පුළුවන් වුණේ නැත. ඔබේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ ඔබට පොරොන්දු වූ පරිදි උන්වහන්සේ ඔබ උදෙසා සටන් කරන බැවින්, ඔබෙන් එක් කෙනෙක් දහසක් පන්නා දමයි. එබැවින් ඔබේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේට ප්‍රේම කරන්නට බෙහෙවින් පරෙස්සම් වන්න. “මන්ද ඔබ ඉවත හැරී, ඔබ අතරේ තවමත් රැඳී සිටින මේ ජාතීන්ගෙන් ඉතිරි ව සිටින්නන් සමඟ හාද වී, ඔවුන් සමඟ ආවාහ විවාහ කර ගෙන ඔවුන් සමඟ ආශ්‍රය කරන්නේ නම්, ඔබේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ මේ ජාතීන් ඔබ ඉදිරියෙන් පන්නා දමන්නේ නැති වග සහතික ලෙස දැනගන්න. ඔබේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ ඔබට දුන් මේ සරු දේශයෙන් ඔබ විනාශ වී යන තුරු, ඔවුන් ඔබට මලපතක් හා උගුලක් ද ඔබේ ඇලපත්වලට කසයක් ද ඔබේ ඇස්වලට කටු ද වනු ඇත. “මා දැන් මේ පොළොවේ සියල්ලන් යන මාර්ගයේ යන්න ළඟයි. ඔබේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ ඔබ උදෙසා දුන් යහපත් පොරොන්දු සියල්ලෙන් එකකුදු ඉටු නො වී නැති වග ඔබේ මුළු හෘදයෙන් හා ජීවයෙන් ඔබ දනී. ඒ හැම එකක් ම ඉෂ්ට වී ඇත; එයින් එකක්වත් අසමත් වූයේ නැත
යෝෂුවා 23 කියවන්න
බෙදාගන්න
සියලුම අනුවාද සසඳන්න: යෝෂුවා 23:6-14
බයිබල් පද ලකුණු කරගන්න, අන්තර්ජාලය නොමැතිව බයිබලය කියවන්න, බයිබලය අධ්‍යනය කරන කුඩා වීඩියෝ පටි නරඹන්න සහ තවත් බොහෝමයක්!
නිවස
බයිබලය
සැලසුම්
වීඩියෝ