යෝෂුවා 23:14-16

යෝෂුවා 23:14-16 SCV

“මා දැන් මේ පොළොවේ සියල්ලන් යන මාර්ගයේ යන්න ළඟයි. ඔබේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ ඔබ උදෙසා දුන් යහපත් පොරොන්දු සියල්ලෙන් එකකුදු ඉටු නො වී නැති වග ඔබේ මුළු හෘදයෙන් හා ජීවයෙන් ඔබ දනී. ඒ හැම එකක් ම ඉෂ්ට වී ඇත; එයින් එකක්වත් අසමත් වූයේ නැත; එලෙස ම ඔබේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ ඔබ ගැන ඔබ උදෙසා වූ හැම හොඳ පොරොන්දුවක් සැබෑ වූ සේ ම, දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ ඔබට දුන් මේ හොඳ සරු දේශයෙන් ඔබ විනාශ වී යන තුරු උන්වහන්සේ අනතුරු ඇඟවූ සියලු නපුරු දෑ ද ඔබ පිට පමුණුවනු ඇත. ඔබේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ ඔබට අණ කළ උන්වහන්සේගේ ගිවිසුම ඔබ කඩකොට, අන් දෙවිවරුන් වෙත ගොස්, ඔවුන්ට මෙහෙ කොට, ඔවුන්ට වැඳුම් පිදුම් කළොත් ස්වාමින්වහන්සේගේ කෝපය ඔබට එරෙහිව ඇවිළී එසැණේ ම උන්වහන්සේ ඔබට දුන් යහපත් දේශයෙන් ඔබ විනාශ කර දමනු ඇතැ” යි පැවසී ය.

යෝෂුවා 23:14-16 සඳහා වීඩියෝව

යෝෂුවා 23:14-16 සම්බන්ධව නිදහස් කියවීමේ සැලසුම් සහ පූජනීයත්වය