දිගු කලක් ගත වූ පසු, ස්වාමින්වහන්සේ ඉශ්රායෙල් ජනයාට, හැම අතින් ම ඔවුන් වටා සිටි ඔවුන්ගේ සියලු සතුරන්ගෙන් විවේකය දී තිබියදී, යෝෂුවා මහලු ව බෙහෙවින් වියපත් ව සිටියේ ය. යෝෂුවා ඉශ්රායෙල් සියල්ලන්, ඔවුන්ගේ වැඩිහිටියන්, නායකයින්, ඔවුන්ගේ විනිසුරුවන් හා නිලධාරීන් කැඳවා, ඔවුන් අමතමින්, “මම දැන් මහලුයි; හොඳට ම වියපත් වෙලා. ඔබේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ ඔබ උදෙසා මේ සියලු ජාතීනට කළ දෑ සියල්ල ඔබ දුටුවා. මන්ද ඔබ උදෙසා සටන් කළේ ඔබේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ යි. ඔන්න! යොර්දානයේ පටන් බටහිරින් ඇති මධ්‍යධරණී මුහුද තෙක් ඉතිරි වී සිටි ජාතීන්ගේ දේශය, මා විසින් යටත් කළ ජාතීන්ගේ මුළු දේශය, ඔබේ ගෝත්‍ර වංශවලට උරුමයක් ලෙස මා වෙන් කර දී ඇත. ඔබේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ ඔබ ඉදිරියෙන් ඔවුන් ඇද දමන සේක. උන්වහන්සේ ඔබේ දසුනින් ඔවුන් පන්නා දමන සේක; ඔබේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ ඔබට පොරොන්දු වූ පරිදි, ඔබ ඔවුන්ගේ දේශය උරුම කර ගනු ඇත. “එබැවින් ඉතා ශක්තිමත් වන්න; මෝසෙස්ගේ ව්‍යවස්ථා පොතේ ලියන ලද සියල්ල පවත්වන්නට හා කරන්නට ප්‍රබල ව සිටින්න. එයින් වමට හෝ දකුණට හෝ ඉවත නො හැරිය යුත්තේ, ඔබ අතරේ ඉතිරි ව සිටින මේ ජාතීන් සමඟ මිශ්‍ර නො වන පිණිස හා ඔවුන්ගේ දෙවිවරුන්ගේ නමින් යාතිකා කිරීම, දිවිරීම හෝ ඔවුන්ට මෙහෙ කිරීම හෝ ඔවුන්ට වැඳුම් පිදුම් හෝ නො කරන පිණිසයි. එහෙත් මේ දක්වා ඔබ කළ පරිදි ඔබේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේටතදින් ඇදී-බැඳී සිටින්න. “මන්ද ශ්‍රේෂ්ඨ වූත්, මහ බලවත් වූත් ජාතීන් ස්වාමින්වහන්සේ ඔබ ඉදිරියෙන් පන්නා දැමූ සේක; ඔබ ගැන නම්, අද දවස දක්වාත් ඔබට එරෙහිව නැගී සිටින්නට කිසිවකුටත් පුළුවන් වුණේ නැත. ඔබේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ ඔබට පොරොන්දු වූ පරිදි උන්වහන්සේ ඔබ උදෙසා සටන් කරන බැවින්, ඔබෙන් එක් කෙනෙක් දහසක් පන්නා දමයි. එබැවින් ඔබේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේට ප්‍රේම කරන්නට බෙහෙවින් පරෙස්සම් වන්න. “මන්ද ඔබ ඉවත හැරී, ඔබ අතරේ තවමත් රැඳී සිටින මේ ජාතීන්ගෙන් ඉතිරි ව සිටින්නන් සමඟ හාද වී, ඔවුන් සමඟ ආවාහ විවාහ කර ගෙන ඔවුන් සමඟ ආශ්‍රය කරන්නේ නම්, ඔබේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ මේ ජාතීන් ඔබ ඉදිරියෙන් පන්නා දමන්නේ නැති වග සහතික ලෙස දැනගන්න. ඔබේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ ඔබට දුන් මේ සරු දේශයෙන් ඔබ විනාශ වී යන තුරු, ඔවුන් ඔබට මලපතක් හා උගුලක් ද ඔබේ ඇලපත්වලට කසයක් ද ඔබේ ඇස්වලට කටු ද වනු ඇත. “මා දැන් මේ පොළොවේ සියල්ලන් යන මාර්ගයේ යන්න ළඟයි. ඔබේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ ඔබ උදෙසා දුන් යහපත් පොරොන්දු සියල්ලෙන් එකකුදු ඉටු නො වී නැති වග ඔබේ මුළු හෘදයෙන් හා ජීවයෙන් ඔබ දනී. ඒ හැම එකක් ම ඉෂ්ට වී ඇත; එයින් එකක්වත් අසමත් වූයේ නැත; එලෙස ම ඔබේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ ඔබ ගැන ඔබ උදෙසා වූ හැම හොඳ පොරොන්දුවක් සැබෑ වූ සේ ම, දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ ඔබට දුන් මේ හොඳ සරු දේශයෙන් ඔබ විනාශ වී යන තුරු උන්වහන්සේ අනතුරු ඇඟවූ සියලු නපුරු දෑ ද ඔබ පිට පමුණුවනු ඇත. ඔබේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ ඔබට අණ කළ උන්වහන්සේගේ ගිවිසුම ඔබ කඩකොට, අන් දෙවිවරුන් වෙත ගොස්, ඔවුන්ට මෙහෙ කොට, ඔවුන්ට වැඳුම් පිදුම් කළොත් ස්වාමින්වහන්සේගේ කෝපය ඔබට එරෙහිව ඇවිළී එසැණේ ම උන්වහන්සේ ඔබට දුන් යහපත් දේශයෙන් ඔබ විනාශ කර දමනු ඇතැ” යි පැවසී ය.
යෝෂුවා 23 කියවන්න
බෙදාගන්න
සියලුම අනුවාද සසඳන්න: යෝෂුවා 23:1-16
5 Days
The Bible provides us with numerous examples of what trusting the Lord and walking with Him looks like when we are older. Let this 5-day plan help you reflect on the truth that your later years can be a time of great blessing, giving you the opportunity to pass your wisdom onto those around you and to enjoy the fruit of a life walked faithfully with God.
10 Days
This study of the Old Testament will help you understand how all the stories fit together and what lessons can be applied to your life today. You will better understand how God graciously reaches out to you, His child, and calls you to Himself just as He did to His people in the Old Testament.
31 Days
Daily Bible Reading is designed to facilitate consistent interaction with the Bible. It includes background information on each day’s Scripture passage and key verse for meditation, reflection questions to help you dive deeper into Scripture, a prayer and prayer concern to help you connect to God and be of spiritual support to others. Journey with us this month as we explore the theme “Sustained by God’s Word of Faith.”
Daily Bible Reading is designed to facilitate consistent interaction with Scripture. It includes background information on each day’s Scripture passage and key verse for meditation, reflection questions to help you dive deeper into Scripture, a prayer and prayer concern to help you connect to God and be of spiritual support to others. Journey with us this month as we explore the theme, “God’s Word of Promise.”
බයිබල් පද ලකුණු කරගන්න, අන්තර්ජාලය නොමැතිව බයිබලය කියවන්න, බයිබලය අධ්‍යනය කරන කුඩා වීඩියෝ පටි නරඹන්න සහ තවත් බොහෝමයක්!
නිවස
බයිබලය
සැලසුම්
වීඩියෝ