ඉන්පසු ස්වාමින්වහන්සේ යෝෂුවා අමතා, “ඉශ්‍රායෙල් ජනයාට මෙසේ කියන්න; මෝසෙස් මගින් ඔබට නියම කළ ලෙස, අභය පුරවර නියම කරන්න. ඒ, කලින් අදහස් නො කර හෝ අත්වැරැද්දකින් යම් කෙනකු මරන කෙනකුට එහි පලා යා හැකි වන පිණිස ය. ඒවා ඔබට ලේ පළිය ගන්නා වෙතින් රක්ෂා ස්ථානයක් වෙයි. ඝාතකයා මේ පුරවරවලින් එකකට පලා ගොස්, එපුර පිවිසුම් දොරටුව ළඟ සිටගෙන එපුර වැඩිහිටියන්ට ඔහුගේ කාරණය පැහැදිලි කළ යුතු ය. එකල ඔවුහු පුරවරය තුළට ඔහු ගෙන ගොස්, නියමිත ස්ථානයක් ඔහුට දිය යුතු ය. ඔහු ඔවුන් අතරේ නැවතී සිටිය යුතු ය. ලේ පළිය ගන්නා ඔහු ලුහුබැඳ ආව ද, ඔවුන් මිනිස් ඝාතකයා ඔහු අතට හසුකර නො දිය යුතු ය. මන්ද එම අසල්වැසියා මරනු ලැබ ඇත්තේ අත්වැරැද්දකිනි. ඔවුන් අතරේ එදිරිවාදිකමක් තිබී නැති නිසා ය. ඔහු නඩු විභාගයට රැස්වන්නන් ඉදිරියේ සිටගන්නා තෙක්, ඒ කාලයේ සිටි උත්තම පූජකයාගේ මරණය තෙක් එපුර නැවතී සිටිය යුතු ය. ඉන්පසු ඔහුට තමාගේ නිවසට, තමා පලා ආ නගරයට ආපසු යා හැකි යැ” යි පැවසූ සේක. එබැවින් ඔවුහු නෆ්තලී කඳු රටේ ගලීලයේ කෙදෙෂ් ද එප්‍රායිම් කඳු රටේ ෂෙකෙම් ද යූදා කඳු රටේ කිර්යත්-අර්බා හෙවත් හෙබ්‍රොන් ද ඒ සඳහා වෙන් කළහ. තවද ඔවුහු යෙරිකෝවට නැගෙනහිරින්, යොර්දානට එපිටින් රූබෙන් ගෝත්‍ර වංශයේ උස් කඳු තලාවේ පාළුකරයේ බෙසෙර් ද ගාද් ගෝත්‍ර වංශයේ ගිලියාද්හි රාමොත් ද මනස්සේ ගෝත්‍ර වංශයේ බාෂාන්හි ගෝලාන් ද ඊට වෙන් කළහ. ඉශ්‍රායෙල් යමකු හෝ ඔවුන් අතරේ වෙසෙන විදෙස්සකු හෝ අත්වැරැද්දකින් යමකු මැරුවොත්, සමාජය ඉදිරියේ විනිශ්චය කරනු ලැබීමට පෙර, ලේ පළිය ගන්නා විසින් ඔහු මරා නො දමන පිණිස, මෙසේ වෙන් කරන ලද පුරවරයකට පලා යෑමට ඔහුට පුළුවන.
යෝෂුවා 20 කියවන්න
බෙදාගන්න
සියලුම අනුවාද සසඳන්න: යෝෂුවා 20:1-9
4 Days
Few things spark greater anger than a betrayal. And carrying the pain and trauma with you can ignite an unquenchable resentment that leaves you hopeless and despondent. When you’re overcome with bitterness, you need to know there is a God who understands and can help reconcile your pain. This plan will help you understand your anger and how to extinguish it with peace.
11 Days
Tearfund seeks to transform the lives of those living in poverty. We cannot do this without challenging racial injustice. These reflections speak to people who've been oppressed because of their race or ethnicity. If you've ever felt like you're on a never-ending search for your place in the world, we hope that these words will be a reminder that you are created in the image of God and are loved.
බයිබල් පද ලකුණු කරගන්න, අන්තර්ජාලය නොමැතිව බයිබලය කියවන්න, බයිබලය අධ්‍යනය කරන කුඩා වීඩියෝ පටි නරඹන්න සහ තවත් බොහෝමයක්!
නිවස
බයිබලය
සැලසුම්
වීඩියෝ