යෝෂුවා 2:9-10
යෝෂුවා 2:9-10 SCV
ඒ මිනිසුන් අමතා, “මා දන්නවා, ස්වාමින්වහන්සේ මේ දේශය ඔබට දී ඇති වග: එනිසා ඔබ ගැන මහත් භීතියක් අප මත පතිත වෙලා. මේ නිසා දේශ වාසී සියල්ලන් භයින් මිලාන වෙලා. මන්ද ඊජිප්තුවෙන් ඔබ පිටත් ව එද්දී, ස්වාමින්වහන්සේ ඔබ උදෙසා රතු මුහුද වියළූ අයුරුත්, යොර්දාන් ගඟෙන් එතෙර සිටි අමෝරි රජුන් දෙදෙනා, සීහොන් හා ඕග් මුළුමනින් විනාශ කරමින්, ඔබ ඔවුන්ට කළ දේත් අපට අසන්නට ලැබුණා.

