ඔවුන්ගේ පෙළපත්වලට අනුව යූදා ගෝත්‍ර වංශික ජනයාගේ උරුමය මෙසේ ය:
යූදා ගෝත්‍ර වංශික ජනයාට අයත් නගර මේවා ය: ඒදොම් දේශ සීමාව දෙසට දකුණේ අන්තයේ ම පිහිටි නගර,
කබ්සෙයෙල්, ඒදෙර්, යාගූර්, කීනා, දිමෝනා, අදාදා, කෙදෙෂ්, හාසොර්, ඉත්නාන්, සීෆ්, ටෙලෙම්, බෙයාලොත්, හාසොර්-හදත්තා, කෙරියොත්-හෙස්රොන් හෙවත් හාසොර්, අමාම්, ෂෙමා, මෝලාදා, හසර්-ගද්දා, හෙෂ්මෝන්, බෙත්-පෙලෙත්, හසර්-ෂූවාල්, බෙයර්ෂෙබා, බිස්යෝතියා, බාලා, ඉයීම්, එසෙම්, එල්තෝලද්, කෙසීල්, හොර්මා, සික්ලග්, මද්මන්නා, සන්සන්නා, ලෙබායොත්, ෂිල්හීම්, අයින් හා රිම්මෝන් ය. මේ නගර විසිනවයක් හා ඒවායේ ගම්මාන ය.
බටහිර කඳු බෑවුම්හි
එෂ්තායොල්, සෝරා, අෂ්නා, සානෝවා, ඒන්-ගන්නීම්, තප්පූවා, ඒනාම්, යර්මූත්, අදුල්ලාම්, සෝකෝ, අසේකා, ෂාරයිම්, අදීතයිම් හා ගෙදේරා හෙවත් ගෙදේරොතයිම් යන නගර දාහතර සහ ඒවායේ ගම්මාන.
සෙනාන්, හදාෂා, මිග්දල්-ගාද්, දිලෙයාන්, මිස්පේ, යොක්තෙයෙල්, ලාකීෂ්, බොස්කත්, එග්ලොන්, කබ්බෝන්, ලාමාස්, කිත්ලීෂ්, ගෙදේරොත්, බෙත්-දාගොන්, නාමා හා මක්කේදා යන නගර දහසය සහ ඒවායේ ගම්මාන.
ලිබ්නා, එතෙර්, ආෂාන්, ඉෆ්තා, අෂ්නා, නෙසීබ්, කෙයීලා, අක්සීබ් හා මාරේෂා යන නගර නවය සහ ඒවායේ ගම්මාන.
එක්‍රෝන් එහි නගර සමඟ එහි ගම්මාන; එක්‍රෝන්හි සිට බටහිර දෙසට අෂ්දෝද් අසල වූ නගර සියල්ල ඇතුළු ඒවායේ ගම්මාන; අෂ්දෝද් සහ එහි නගර හා ගම්මාන; ඊජිප්තු ඇළ හා මධ්‍යධරණී මුහුදු තීරය දක්වා වූ ගාසා සහ එහි නගර හා ඒවායේ ගම්මාන.
කඳු රටේ
ෂාමීර්, යත්තීර්, සෝකෝ, දන්නා, කිරියත්-සන්නා හෙවත් දෙබීර්, අනාබ්, එෂ්තෙමෝ, ආනීම්, ගෝෂෙන්, හොලොන් සහ ගිලෝ යන නගර එකොළහ හා ඒවායේ ගම්මාන.
අරබ්, දූමා, එෂාන්, යානීම්, බෙත්-තප්පූවා, අෆේකා, හුම්ටා, කිර්යත්-අර්බා හෙවත් හෙබ්‍රොන් සහ සීයොර් යන නගර නවය සහ ඒවායේ ගම්මාන.
මාවොන්, කර්මෙල්, සීෆ්, යුට්ටා, යෙස්රෙයෙල්, යොක්දෙයාම්, සානෝවා, කායින්, ගිබෙයා හා තිම්නා යන නගර දහය හා ඒවායේ ගම්මාන.
හල්හූල්, බෙත්-සූර්, ගෙදෝර්, මාරාත්, බෙත්-අනෝත් සහ එල්තෙකොන් යන නගර හය හා ඒවායේ ගම්මාන.
කිරියත්-බාල් හෙවත් කිරියත්-යෙයාරීම් සහ රබ්බා යන නගර දෙක හා ඒවායේ ගම්මාන.
පාළුකරයේ
බෙත්-අරාබා, මිද්දීන්, සෙකාකා, නිබ්ෂාන්, ලවණ පුරය සහ ඒන්-ගෙදී නගර හය හා ඒවායේ ගම්මාන.
යෙරුසලම් වාසීන් වූ යෙබූසිවරුන් පන්නා දමන්නට යූදා ජනයාට නො හැකි විය. එබැවින් අද දක්වා යෙබූසිවරු, යූදා ජනයා සමඟ යෙරුසලමේ වාසය කරති.