යෝෂුවා 15:13-19

යෝෂුවා 15:13-19 SCV

ස්වාමින්වහන්සේ යෝෂුවාට දුන් ආඥාවට අනුව, ඔහු යෙෆුන්නෙගේ පුත් කාලෙබ්ට යූදා ජනයා අතරේ කොටසක් දුන්නේ ය. එය කිර්යත්-අර්බා හෙවත් හෙබ්‍රොන් ය. (අර්බා, අනාක්ගේ පියා විය.) කාලෙබ්, අනාක්ගෙන් පැවත එන ෂේෂයි, අහීමන් හා තල්මයි යන අනාක්ගේ පුතුන් තිදෙනා එතැනින් පන්නා දැමී ය. ඔහු එතැනින් දෙබීර් වැසියනට එරෙහිව ගියේ ය. කලින් දෙබීර් හැඳින්වූයේ කිරියත්-සේෆෙර් නමිනි. කාලෙබ් කතා කොට, “කිරියත්-සේෆෙර්ට පහර දී, එය අල්ලා ගන්නේ කවරෙක් ද ඔහුට මගේ දූ අක්සා, බිරිඳ වශයෙන් දෙන්නෙමි” යි පැවසී ය. කාලෙබ්ගේ සහෝදර කෙනස්ගේ පුත් ඔත්නියෙල් එය අල්ලා ගත්තේ ය. එබැවින් ඔහු තම දූ අක්සා ඔහුට බිරිඳ කොට දුන්නේ ය. ඈ ඔහු වෙත ආ කල, ඇගේ පියාගෙන් කෙතක් ඉල්ලන ලෙස ඔහුට බල කළා ය. ඇය තම බූරුවා පිටින් බැස්ස කල, කාලෙබ්, “මොනවද ඔබට ඕනෑ?” යි ඇසී ය. ඈ ඔහුට පිළිතුරු දෙමින්, “මට වරයක් දෙන්න. ඔබ මට නෙගෙබ් දේශය දී තිබෙන බැවින් ජල උල්පතුත් දෙන්නැ” යි කීවා ය. එබැවින් ඔහු ඉහළ උල්පත් ද පහළ උල්පත් ද ඇයට දුන්නේ ය.

මෙයට අදාළ වීඩියෝ

යෝෂුවා 15:13-19 සම්බන්ධව නිදහස් කියවීමේ සැලසුම් සහ පූජනීයත්වය