යෝෂුවා 15:1-12

යෝෂුවා 15:1-12 SCV

යූදා ගෝත්‍ර වංශික ජනයාට ඔවුන්ගේ පෙළපත්වලට අනුව වෙන් වූ කොටස දකුණු දෙසට ඒදොම් දේශ සීමාව තෙක්, දකුණේ ඈත සීන් කාන්තාරය තෙක් විහිදිණි. ඔවුන්ගේ දකුණු සීමාව, ලුණු මුහුදු කෙළවර දකුණු දෙසට මුහුණ ලා පිහිටි මූදු බොක්කේ සිට දිව යයි. එය ගෝනුසු මංකඩ දකුණ හරහා සීන් දක්වා ගොස්, හෙස්රොන් ඔස්සේ දකුණු කාදෙෂ්-බර්නේය දක්වා විහිද, එතැනින් අද්දාර් දක්වා ගොස්, කර්කා වටා වක ගැසී, එතැනින් අස්මොන් ඔස්සේ ඊජිප්තු ඇළ ළඟින් ගොස්, මුහුදින් කෙළවර වෙයි. ඔවුන්ගේ දකුණු සීමාව එය වෙයි. නැගෙනහිර සීමාව, යොර්දාන් ගඟේ මෝය දක්වා වූ ලුණු මුහුද ය. උතුරු දේශ සීමාව ඇරඹෙන්නේ, යොර්දාන් මෝය ළඟ ඇති මූදු බොක්කේ සිට ය. දේශ සීමාව බෙත්-හොග්ලා දක්වා ගොස්, බෙත්-අරාබා උතුර ඔස්සේ දිවෙයි. තවද දේශ සීමාව රූබෙන්ගේ පුත් බොහන්ගේ ගල තෙක් විහිදිණි. දේශ සීමාව එතැනින් ආකොර් මිටියාවතේ සිට දෙබීර් දක්වා ගොස්, දොරුවේ දකුණු පැත්තේ අදුම්මීම් නැග්ම ඉදිරිපිට ගිල්ගාල් දෙසට උතුරට හැරී, එතැනින් ඒන්-ෂෙමෙෂ්හි ජල ඔස්සේ ඒන්-රොගේල්හි දී කෙළවර විය. එතැනින් දේශ සීමාව, යෙබූසීය නුවර (එනම් යෙරුසලම) දකුණු බෑවුම අසලින් බෙන්-හින්නොම් මිටියාවත තෙක් විහිද, එතැනින් එය රෙෆායිවරුන්ගේ මිටියාවතේ උතුරු කෙළවර වූ හින්නොම් මිටියාවතේ බටහිර කඳු මුඳුන තෙක් විහිදේ. දේශ සීමාව එතැනින් කඳු මුඳුනේ සිට නෙෆ්තෝවා ජල උල්පත් තෙක් විහිද, එතැන් සිට එෆ්‍රොන් කන්දේ නගර දක්වා ද ගොස්, එතැන් සිට බාලා (එනම් කිරියත්-යෙයාරීම්) දෙසට වක ගැසෙයි. දේශ සීමාව බටහිර බාලා සිට සේයිර් කන්ද දක්වා කරකැවී, යෙයාරීම් කන්දේ (එනම් කෙසාලොන්) උතුරු බෑවුම ඔස්සේ ගොස්, බෙත්-ෂෙමෙෂ් දක්වා පහළ බැස, තිම්නා දක්වා දිගට ම දිවෙයි. දේශ සීමාව එක්‍රෝන්හි උතුරු බෑවුමට ගොස්, ෂික්කාරොන් වටා හැරී, දිගට ම බාලා කන්ද පසු කොට, යබ්නෙයෙල් දක්වා ගොස්, එතැනින් දේශ සීමාව මුහුදින් කෙළවර වේ. බටහිර දේශ සීමාව වූයේ, මධ්‍යධරණී වෙරළ තීරයයි.

මෙයට අදාළ වීඩියෝ