දේශයේ ඔත්තු බලන පිණිස ස්වාමින්වහන්සේගේ සේවක මෝසෙස් කාදෙෂ්-බර්නේය සිට මා යැවූ කල, මම හතළිස් වියැති වීමි. මම ඔහු වෙත මගේ හදවතේ වූ වචනය ගෙනාවෙමි. එහෙත් මා සමඟ ගිය මගේ සහෝදරයෝ, ජනතාවගේ හදවත්, දියවී යන්නට සැලැස්වූහ. එසේ වුව ද, මම මගේ මුළු හෘදයෙන් ම මගේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ අනුව ගියෙමි. එබැවින් ඒ දවසේ මෝසෙස් දිවුරා පැවසුවේ, ‘ඔබ, ඔබේ මුළු හෘදයෙන් ම මගේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ අනුව ගිය බැවින්, ඔබ පා පය ගසන ලද දේශය සදහට ම ඔබේ ද ඔබේ දරු පරපුරේ ද උරුමය වනු ඇත’ කියා ය. “බලන්න! පාළුකරය ඔස්සේ ඉශ්‍රායෙල්, ගමන් කරමින් සිටියදී ස්වාමින්වහන්සේ මෝසෙස්ට එසේ කී කාලයේ සිට උන්වහන්සේ පොරොන්දු වූ පරිදි හතළිස්පස් වසරක් ම ජීවත් ව සිටින්නට මට සලසා ඇති වග ඔබට පෙනේ. එබැවින් මෙන්න, මම අද අසූපස් වැනි වියේ සිටිමි. මෝසෙස් මා පිටත් කර යැවූ දවසේ මෙන්, අද තවමත් මා ශක්තිමත් ය; යුද්ධයට යෑමට සහ ඊමටත් මගේ කාය බලය අදත් එදා වගේ ම ය. එබැවින් ස්වාමින්වහන්සේ ඒ දවසේ පැවසූ මේ කඳුරට දැන් මට දෙන්න. මන්ද මහ බළකොටු පුරවරවල අනාක්වරු සිටින හැටි ඔබටත් ඒ දවසේ ඇසුණි. එහෙත් ස්වාමින්වහන්සේ මා සමඟ වන සේක් නම්, උන්වහන්සේ පැවසූ පරිදි මම ඔවුන් පන්නා දමන්නෙමි” යි පැවසී ය. එවිට යෝෂුවා ඔහුට ආශිර්වාද කළේ ය. තවද ඔහු යෙෆුන්නෙගේ පුත් කාලෙබ්ට උරුමයක් වශයෙන් හෙබ්‍රොන් දුන්නේ ය. එබැවින් හෙබ්‍රොන්, අද දවස දක්වා කෙනිස්සීය යෙෆුන්නෙගේ පුත් කාලෙබ්ගේ උරුමයට පත් විය. මන්ද ඔහු මුළු හෘදයෙන් ම ඉශ්‍රායෙල්ගේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ අනුව ගිය බැවිනි.
යෝෂුවා 14 කියවන්න
බෙදාගන්න
සියලුම අනුවාද සසඳන්න: යෝෂුවා 14:7-14
3 Days
Caleb was one of only two men from his entire generation to survive a 40-year desert wandering and eventually enter the Promised Land. This made him a living legend with a mountainous mission and legacy to fulfil. Will you be the same kind of man and accept your mission? Will you also leave behind a legacy that stands as firm as the mountains?
5 Days
Do you know about the strategic faith of Caleb? While others feared the giants in Canaan, he stood firm, trusting God’s promise without hesitation. His faith was confident and unwavering, seeing obstacles as opportunities for God to move. In this devotional, we’ll explore five key lessons from Caleb’s life—his perseverance, trust in God, and strategic faith—so we can walk boldly in the promises of God today.
This Guided Bible Reading Plan is designed to help you take your Bible reading experience to the next level. If you’ve ever read the Bible and been completely confused, this plan is for you. Within this plan, each day you’re equipped with a full summary filled with context so you can have deeper clarity as you read through the book of Joshua.
Transformation rarely happens overnight. In Gradually Then Suddenly, Mark Batterson shows how small steps of obedience lead to big breakthroughs—the gradual work of God that becomes a sudden move of His power.
බයිබල් පද ලකුණු කරගන්න, අන්තර්ජාලය නොමැතිව බයිබලය කියවන්න, බයිබලය අධ්‍යනය කරන කුඩා වීඩියෝ පටි නරඹන්න සහ තවත් බොහෝමයක්!
නිවස
බයිබලය
සැලසුම්
වීඩියෝ