යෝෂුවා 14:10-13

යෝෂුවා 14:10-13 SCV

“බලන්න! පාළුකරය ඔස්සේ ඉශ්‍රායෙල්, ගමන් කරමින් සිටියදී ස්වාමින්වහන්සේ මෝසෙස්ට එසේ කී කාලයේ සිට උන්වහන්සේ පොරොන්දු වූ පරිදි හතළිස්පස් වසරක් ම ජීවත් ව සිටින්නට මට සලසා ඇති වග ඔබට පෙනේ. එබැවින් මෙන්න, මම අද අසූපස් වැනි වියේ සිටිමි. මෝසෙස් මා පිටත් කර යැවූ දවසේ මෙන්, අද තවමත් මා ශක්තිමත් ය; යුද්ධයට යෑමට සහ ඊමටත් මගේ කාය බලය අදත් එදා වගේ ම ය. එබැවින් ස්වාමින්වහන්සේ ඒ දවසේ පැවසූ මේ කඳුරට දැන් මට දෙන්න. මන්ද මහ බළකොටු පුරවරවල අනාක්වරු සිටින හැටි ඔබටත් ඒ දවසේ ඇසුණි. එහෙත් ස්වාමින්වහන්සේ මා සමඟ වන සේක් නම්, උන්වහන්සේ පැවසූ පරිදි මම ඔවුන් පන්නා දමන්නෙමි” යි පැවසී ය. එවිට යෝෂුවා ඔහුට ආශිර්වාද කළේ ය. තවද ඔහු යෙෆුන්නෙගේ පුත් කාලෙබ්ට උරුමයක් වශයෙන් හෙබ්‍රොන් දුන්නේ ය.