උරුමය වශයෙන් ඉශ්‍රායෙල් ජනයාට කානාන් දේශය තුළ ලැබුණු පළාත් මේවා ය. ඔවුන්ට ඒවා බෙදා, උරුම කර දුන්නේ පූජක එලෙයාසර් ද නූන්ගේ පුත් යෝෂුවා හා ඉශ්‍රායෙල් ගෝත්‍රවල පෙළපත් ප්‍රධානීන් ද විසිනි. ඔවුන්ගේ උරුමය පස ඇට දැමීමෙනි. ගෝත්‍ර වංශ නවය හා ගෝත්‍ර වංශ අර්ධය සඳහා ස්වාමින්වහන්සේ මෝසෙස් මගින් අණ කර තිබූ පරිද්දෙනි. මන්ද ගෝත්‍ර දෙකට හා ගෝත්‍ර අර්ධයකට යොර්දානයට එපිටින් මෝසෙස් උරුමයක් දී තිබිණ. එහෙත් ඔහු ඔවුන් අතරේ ලෙවීවරුන්ට උරුමයක් ලබා දුන්නේ නැත. මන්ද යෝසෙප් පුත්‍රයින්, මනස්සේ හා එප්‍රායිම් වශයෙන් ගෝත්‍ර දෙකකි. ලෙවීවරුන්ට පංගු කොටසක් දෙනු ලැබුවේ නැත. එහෙත් ජීවත් වන්නට නගර ද ඔවුන්ගේ සත්ව සම්පත් සඳහා තණ බිම් ද පමණක් ඔවුන්ට ලැබිණි. මෙසේ ඉශ්‍රායෙල් ජනයා, ස්වාමින්වහන්සේ මෝසෙස්ට අණ කර තිබූ පරිදි කරමින්, දේශය බෙදූහ.
යෝෂුවා 14 කියවන්න
බෙදාගන්න
සියලුම අනුවාද සසඳන්න: යෝෂුවා 14:1-5
බයිබල් පද ලකුණු කරගන්න, අන්තර්ජාලය නොමැතිව බයිබලය කියවන්න, බයිබලය අධ්‍යනය කරන කුඩා වීඩියෝ පටි නරඹන්න සහ තවත් බොහෝමයක්!
නිවස
බයිබලය
සැලසුම්
වීඩියෝ