යෝෂුවා මහලු ව, බෙහෙවින් වියපත් ව සිටියදී, ස්වාමින්වහන්සේ ඔහු අමතමින්, “ඔබ දැන් මහලුයි. දේශයේ තවත් විශාල ප්‍රමාණයක් අල්ලා ගැනීමට තියේ. “ඉතිරි ව ඇති බිම් පෙදෙස් මේවා ය: “පිලිස්තිවරුන්ගේ පළාත් සියල්ල හා ගෙෂූර්වරුන්ගේ ඒවා ය; ඊජිප්තුවට නැගෙනහිරින් ෂීහොර් ඔයේ සිට උතුරින් එක්‍රෝන් ප්‍රදේශය දක්වා වූ කානානිවරුන්ට අයත් හැටියට ගැනෙන, පිලිස්ති අධිපතීන් පස්දෙනාගේ පළාත් වන ගාසාවරුන්ගේ, අෂ්දෝද්වරුන්ගේ, අෂ්කෙලොන්වරුන්ගේ, ගිත්තීවරුන්ගේ හා එක්‍රෝන්වරුන්ගේ පළාත් හා දකුණු දෙසින් අව්විවරුන්ට අයත් පළාත. කානානිවරුන්ගේ මුළු දේශය ද සීදොන්වරුන්ගේ මෙයාරාහි පටන් අෆේක් දක්වා ද අමෝරිවරුන්ගේ පළාත ද ගිබ්ලිවරුන්ගේ දේශය හා හෙර්මොන් කන්ද පහළ බාල්-ගාද් පටන් ලෙබෝ-හමාත් දක්වා නැගෙනහිරට මුළු ලෙබනොනය ද වේ. “ලෙබනොන් පටන් මිස්රෙෆොත්-මයිම් දක්වා කඳුකර පළාත්වාසී සියල්ලන්, සැබවින් ම සීදොන්වරු සියල්ලන් මම ඉශ්‍රායෙල් ඉදිරිපිටින් පන්නා දමන්නෙමි. මා ඔබට අණ කර ඇති පරිදි, මේ දේශය ඉශ්‍රායෙල්ට උරුමයක් කොට බෙදා දෙන්නට වග බලා ගන්න. එබැවින් දැන් මේ දේශය, ගෝත්‍ර වංශ නවය හා මනස්සේ ගෝත්‍ර වංශ අර්ධය අතරේ ඔවුන්ගේ උරුමය හැටියට බෙදා දෙන්නැ” යි කී සේක.
යෝෂුවා 13 කියවන්න
බෙදාගන්න
සියලුම අනුවාද සසඳන්න: යෝෂුවා 13:1-7
5 Days
This Guided Bible Reading Plan is designed to help you take your Bible reading experience to the next level. If you’ve ever read the Bible and been completely confused, this plan is for you. Within this plan, each day you’re equipped with a full summary filled with context so you can have deeper clarity as you read through the book of Joshua.
14 Days
In this plan we'll learn what the book of Joshua meant for ancient Israel, and we’ll be better equipped to see how much it has to offer us in our day.
බයිබල් පද ලකුණු කරගන්න, අන්තර්ජාලය නොමැතිව බයිබලය කියවන්න, බයිබලය අධ්‍යනය කරන කුඩා වීඩියෝ පටි නරඹන්න සහ තවත් බොහෝමයක්!
නිවස
බයිබලය
සැලසුම්
වීඩියෝ