යෝෂුවා මහලු ව, බෙහෙවින් වියපත් ව සිටියදී, ස්වාමින්වහන්සේ ඔහු අමතමින්, “ඔබ දැන් මහලුයි. දේශයේ තවත් විශාල ප්‍රමාණයක් අල්ලා ගැනීමට තියේ. “ඉතිරි ව ඇති බිම් පෙදෙස් මේවා ය: “පිලිස්තිවරුන්ගේ පළාත් සියල්ල හා ගෙෂූර්වරුන්ගේ ඒවා ය; ඊජිප්තුවට නැගෙනහිරින් ෂීහොර් ඔයේ සිට උතුරින් එක්‍රෝන් ප්‍රදේශය දක්වා වූ කානානිවරුන්ට අයත් හැටියට ගැනෙන, පිලිස්ති අධිපතීන් පස්දෙනාගේ පළාත් වන ගාසාවරුන්ගේ, අෂ්දෝද්වරුන්ගේ, අෂ්කෙලොන්වරුන්ගේ, ගිත්තීවරුන්ගේ හා එක්රෝන්වරුන්ගේ පළාත් හා දකුණු දෙසින් අව්විවරුන්ට අයත් පළාත. කානානිවරුන්ගේ මුළු දේශය ද සීදොන්වරුන්ගේ මෙයාරාහි පටන් අෆේක් දක්වා ද අමෝරිවරුන්ගේ පළාත ද ගිබ්ලිවරුන්ගේ දේශය හා හෙර්මොන් කන්ද පහළ බාල්-ගාද් පටන් ලෙබෝ-හමාත් දක්වා නැගෙනහිරට මුළු ලෙබනොනය ද වේ. “ලෙබනොන් පටන් මිස්රෙෆොත්-මයිම් දක්වා කඳුකර පළාත්වාසී සියල්ලන්, සැබවින් ම සීදොන්වරු සියල්ලන් මම ඉශ්රායෙල් ඉදිරිපිටින් පන්නා දමන්නෙමි. මා ඔබට අණ කර ඇති පරිදි, මේ දේශය ඉශ්රායෙල්ට උරුමයක් කොට බෙදා දෙන්නට වග බලා ගන්න. එබැවින් දැන් මේ දේශය, ගෝත්‍ර වංශ නවය හා මනස්සේ ගෝත්‍ර වංශ අර්ධය අතරේ ඔවුන්ගේ උරුමය හැටියට බෙදා දෙන්නැ” යි කී සේක. ස්වාමින්වහන්සේගේ සේවක මෝසෙස් ඔවුන්ට දුන් පරිදි මනස්සේ ගෝත්‍ර වංශයේ අනෙක් අර්ධයට, රූබෙන්වරුන්ට හා ගාද්වරුන්ට මෝසෙස් සලසා දුන් පරිදි යොර්දානයට එපිට නැගෙනහිරින් ඔවුන්ගේ උරුමය ලැබී තිබිණි. එය අර්ණොන් දොරුව අද්දර පිහිටි අරෝයෙර් පටන් හා දොරුව අසබඩ පුරවරයේ පටන් මෙදෙබා මුළු කඳු තලාව ඇතුළු දීබොන් දක්වා ද හෙෂ්බෝන්හි රජකම් කළ අමෝරිවරුන්ගේ රජු වූ සීහොන්ගේ නගර සියල්ල ද අම්මොන්වරුන්ගේ දේශ සීමා තෙක් ද ගෙෂූර්වරුන්ගේ හා මාකාතිවරුන්ගේ දේශ සීමාව වන ගිලියාද් ද මුළු හෙර්මොන් කන්ද හා සලෙකා දක්වා වූ මුළු බාෂාන් ද ඊට අයත් ය. එය රෙෆායිවරුන්ගේ අන්තිමයකු වශයෙන් ජීවත් වූ අෂ්තාරෝත්හි හා එද්රෙයිහි රජකම් කළ බාෂාන්හි ඕග්ගේ මුළු රාජධානියයි. මෝසෙස් ඔවුන් පරදා, ඔවුන්ගේ දේශය අත්කර ගෙන තිබිණි. එහෙත් ඉශ්රායෙල්වරුන් ගෙෂූර් හා මාකාතී ජනයා පන්නා නො දැමුවෝ ය; එබැවින් ගෙෂූරිවරු හා මාකාවරු අද දක්වා ඉශ්රායෙල්වරුන් අතරේ වාසය කරති. එහෙත් ලෙවී ගෝත්‍ර වංශයට මෝසෙස් උරුමයක් දුන්නේ නැත. මන්ද ඉශ්‍රායෙල්ගේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේට ගින්නෙන් යාග කරන පූජා, උන්වහන්සේ ම ඔවුන්ට පවසා තිබූ පරිදි ඔවුන්ගේ උරුමය විය. රූබෙන් ගෝත්‍ර වංශයට ඔවුන්ගේ පෙළපත්වලට අනුව මෝසෙස් උරුමයක් දුන්නේ ය
යෝෂුවා 13 කියවන්න
බෙදාගන්න
සියලුම අනුවාද සසඳන්න: යෝෂුවා 13:1-15
බයිබල් පද ලකුණු කරගන්න, අන්තර්ජාලය නොමැතිව බයිබලය කියවන්න, බයිබලය අධ්‍යනය කරන කුඩා වීඩියෝ පටි නරඹන්න සහ තවත් බොහෝමයක්!
නිවස
බයිබලය
සැලසුම්
වීඩියෝ