මෙසේ යෝෂුවා මුළු දේශය ම අත්කර ගත්තේ ය. එනම් කඳුකරය හා මුළු නෙගෙබ් පළාත, මුළු ගෝෂෙන් දේශය, බටහිර කඳු බෑවුම් හා අරාබා, ඉශ්‍රායෙල් කඳුරට හා එහි කඳු බෑවුම්; සේයිර් දෙසට විහිදී යන හාලක් කන්ද පටන් හෙර්මොන් කන්දට පහළ ලෙබනොන් මිටියාවතේ බාල්-ගාද් දක්වා දේශය ද වේ. ඔවුන්ගේ රජවරුන් හැම අල්ලා ගත් ඔහු ඔවුන් ගසා හෙළමින්, මරා දැමී ය. යෝෂුවා ඒ රජවරුන්ට එරෙහිව දිගු කලක් යුද්ධ කළේ ය. ගිබෙයොන්හි හිවීවරුන් හැර, ඉශ්‍රායෙල්වරුන් හා සාමයට ආ අන් කිසි පුරවරයක් නො වී ය. ඔවුහු ඒ සියල්ල අත්පත් කර ගත්තේ යුද්ධ කිරීමෙනි. මන්ද ස්වාමින්වහන්සේ මෝසෙස්ට අණ දී තිබූ ලෙස දයාවෙන් තොර ව, ඔවුන් සහමුලින් විනාශ කරනු ලබන පිණිස, ඉශ්‍රායෙල්ට එරෙහිව යුද්ධ කරන්නට ඔවුන්ගේ හදවත් දැඩි කරන ලද්දේ ස්වාමින්වහන්සේ විසිනි. එකල යෝෂුවා අවුත්, කඳුකරයෙන්, හෙබ්‍රොන් වෙතින්, දෙබීර් වෙතින් හා අනාබ් වෙතින් ද යූදාහි මුළු කඳු රටින් ද ඉශ්‍රායෙල්හි මුළු කඳු රටෙන් ද අනාක්වරුන් අතු ගා දැමී ය. යෝෂුවා සහමුලින් ඔවුන් විනාශ කර දැමුවේ, ඔවුන්ගේ නගර ද සමඟ ය. ඉශ්‍රායෙල් දේශ සීමාව තුළ අනාක්වරු එක් කෙනෙක්වත් ඉතිරි ව සිටියේ නැත. එහෙත් ගාසා, ගාත් හා අෂ්දෝද්හි පමණක් ඇතමෙක් ඉතිරි ව සිටියහ. මෙසේ ස්වාමින්වහන්සේ මෝසෙස්ට පවසා තිබූ පරිදි යෝෂුවා මුළු දේශය ම අල්ලාගෙන, ඔවුන්ගේ ගෝත්‍රවල බෙදුම්වලට අනුව ඉශ්‍රායෙල්ට උරුමයක් කොට, එය බෙදා දුන්නේ ය. ඉන්පසු යුද්ධය නැවතී දේශයට විශ්‍රාමය ලැබිණ.
යෝෂුවා 11 කියවන්න
බෙදාගන්න
සියලුම අනුවාද සසඳන්න: යෝෂුවා 11:16-23
5 Days
This Guided Bible Reading Plan is designed to help you take your Bible reading experience to the next level. If you’ve ever read the Bible and been completely confused, this plan is for you. Within this plan, each day you’re equipped with a full summary filled with context so you can have deeper clarity as you read through the book of Joshua.
7 Days
As you begin a 7-day season of prayer and fasting, step into a divine opportunity to possess God’s promises and take new ground in your life, family, and church. Through daily prayer, fasting, and reading all 24 chapters of the book of Joshua, we believe God will bring breakthrough, growth, and favour. Joshua’s story of faith, courage, and obedience will inspire and challenge us each day. This devotional guide includes morning and evening readings, meditations with reflection questions, and prayers to help you seek God intentionally. Stay consistent, lean in, and expect God to move powerfully during this time.
බයිබල් පද ලකුණු කරගන්න, අන්තර්ජාලය නොමැතිව බයිබලය කියවන්න, බයිබලය අධ්‍යනය කරන කුඩා වීඩියෝ පටි නරඹන්න සහ තවත් බොහෝමයක්!
නිවස
බයිබලය
සැලසුම්
වීඩියෝ