යෝෂුවා 1:16-17
යෝෂුවා 1:16-17 SCV
එවිට ඔවුහු යෝෂුවාට පිළිතුරු දෙමින්, “ඔබ අපට අණ කරන හැම දෙයක් ම අපි කරන්නෙමු; ඔබ අප යවන කොතැනකට වුව අපි යන්නෙමු. අපි මෝසෙස්ට හැම දේකදී ම කීකරු වූ අයුරින් ඔබට ද කීකරු වන්නෙමු. ඔබේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ, මෝසෙස් සමඟ සිටි පරිද්දෙන් ඔබ සමඟ ද සිටින සේක්වා!

