යෝෂුවා 1:13-15

යෝෂුවා 1:13-15 SCV

“ස්වාමින්වහන්සේගේ සේවක මෝසෙස් ඔබට නියෝග කරමින් කී වචනය සිහි කරන්න. ඒ, ‘ඔබේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ ඔබට විවේක ස්ථානයක් සලසමින්, මේ දේශය ඔබට දෙනු ඇත’ යනුයි. යොර්දාන් ගඟින් මෙගොඩ මෝසෙස් ඔබට දුන් දේශයේ ඔබේ භාර්යාවනට, ඔබේ දරුවන්ට හා ඔබේ සත්ව සම්පතට නැවතී සිටිය හැකියි. එහෙත් ඔබ අතරෙහි සියලු සටන්කාමීන් සන්නද්ධ ව, ඔබේ සහෝදරයින්ට පෙරටුව එතෙරට යා යුතුයි. ඔබ ඔබේ සහෝදරයින්ට උපකාර කළ යුත්තේ, ඔබට දුන් සේ ස්වාමින්වහන්සේ ඔබේ සහෝදරයින්ටත් විවේකය දෙන තෙක් හා ඔබේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ ඔවුන්ට දෙන දේශය, ඔවුන් ද අත්කර ගන්නා තෙක් ය. ඉන්පසු ඔබට හිමි දේශයට ආපසු ගොස්, ස්වාමින්වහන්සේගේ සේවක මෝසෙස්, යොර්දාන් ගඟ මෙතෙරින් හිරු නැගෙන දෙසින් ඔබට දුන් දේශය ඔබට උරුම කර ගත හැකි” යි පැවසී ය.

යෝෂුවා 1:13-15 සම්බන්ධව නිදහස් කියවීමේ සැලසුම් සහ පූජනීයත්වය