යෝනා 3:1-6

යෝනා 3:1-6 SCV

ඉන්පසු ස්වාමින්වහන්සේගේ වචනය දෙවන වරටත් යෝනා වෙත පැමිණියේ ය. “නැගිට, නිනිවය මහ-පුරවරයට යන්න; මා ඔබට පවසන පණිවුඩය එහි ප්‍රකාශ කරන්නැ” යි ඉන් කියැවිණි. එවිට යෝනා නැගිට, ස්වාමින්වහන්සේගේ වචනයට අනුව, නිනිවය වෙත ගියේ ය. නිනිවය මහ විශාල පුරවරයක් විය. තුන් දවසක ගමන් දුරකින් යුක්ත ය. යෝනා එක්-දින ගමනක යෙදෙමින් පුරය මැදට ගමන් ඇරඹී ය. “තව හතළිස් දවසකින් නිනිවය බිඳ හෙළනු ලැබේ” යි ඔහු මොර ගසා ප්‍රකාශ කළේ ය. නිනිව වාසීහු දෙවියන්වහන්සේ විශ්වාස කළහ. ඔවුහු උපවාසයක් ප්‍රකාශයට පත් කොට, උත්තමයාගේ පටන් පහත් ම අය දක්වා සැවොම ගෝණි රෙදි හැඳ ගත්හ. නිනිවයේ රජුට මෙම පුවත සැල වූ කල, ඔහු තම සිහසුනෙන් නැගිට, රජ ඇඳුම් පසෙක ලා, ගෝණි රෙදි දවටාගෙන, අළු මත හිඳ ගත්තේ ය.

යෝනා 3 කියවන්න

මෙයට අදාළ වීඩියෝ