යෝනා 1:3-6

යෝනා 1:3-6 SCV

එහෙත් යෝනා නැගිට, ස්වාමින්වහන්සේ අබියසින් තර්ෂිෂ් බලා පලා යන්නට ගියේ ය. යොප්පාවට බැස ගිය ඔහුට තර්ෂිෂ් බලා යන නැවක් මුණ ගැසිණි. නැව් ගාස්තුව ගෙවූ ඔහු, ස්වාමින්වහන්සේ අබියසින් ඈත්වන පිණිස, ඔවුන් සමඟ තර්ෂිෂ් බලා යන්නට නැව තුළට බැස ගියේ ය. එවිට ස්වාමින්වහන්සේ මුහුද පිටට මහා සුළඟක් එවූ සේක. එයින් කොපමණ බිහිසුණු කුණාටුවක් හට ගත්තේ ද යත්, නැව බිඳී යන්නට තරම් විය. එවිට නැවියෝ බියපත් වූවෝ, හැම කෙනෙක් ම තම තමාගේ දෙවිවරුනට කන්නලව් කරන්නට වන්හ. නැව සැහැල්ලු කරන්නට ඔවුහු නැවෙහි වූ නැව් බඩු මුහුදට වීසි කළහ. එහෙත් යෝනා නැවේ පහළ තට්ටුවට බැස, හාන්සි වී, තද නින්දට වැටී හුන්නේ ය. එබැවින් නැව්පතියා අවුත්, “කොහොම ද ඔබ නිදා ඉන්නේ? නැගිටින්න. ඔබේ දෙවියන්ට කන්නලව් කරන්න. ඇතැම් විට අප වැනසී නො යන පිණිස, එතුමන් අප ගැන සලකනු ඇතැ” යි කීවේ ය.

යෝනා 1 කියවන්න