යෝවෙල් 2:28-29
යෝවෙල් 2:28-29 SCV
“එයින් පසු, මෙසේ සිදු වන්නේ ය. මම මගේ ආත්මයාණන් මාංසමය සියල්ලන් පිට වගුරුවමි. ඔබේ පුතුන් ද දූවරුන් ද දිවැසි වැකි පවසනු ඇත. ඔබේ වැඩිමහල් මිනිසුන් ස්වප්න දකිනු ඇත, ඔබේ තරුණයින් දර්ශන දකිනු ඇත. තවද මගේ සේවක සේවිකාවන් පිට පවා, එදවස්හි දී මම මගේ ආත්මයාණන් වගුරුවමි.

