යෝවෙල් 2:25-28

යෝවෙල් 2:25-28 SCV

“මවිසින් ඔබ වෙත එවන ලද මගේ මහා හමුදාව වූ පොකුරු පළඟැටි ද පනින පළඟැටි ද වනසන පළඟැටි ද කපන පළඟැටි ද කා දැමූ අවුරුදුවල හිලව්වට මම ඔබට ආපසු ගෙවන්නෙමි. ඇති තරම් කන්නට ඔබට ආහාර බහුල ව ලැබේ. එවිට ඔබ උදෙසා හාස්කම් පෑ ඔබේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේගේ නාමයට ඔබ ප්‍රශංසා කරනු ඇත; මින් මතු මගේ ජනයා ලජ්ජාවට පත් කරනු ලබන්නේ නැත. එවිට මා ඉශ්‍රායෙල් මධ්‍යයේ සිටින වග, නුඹලාගේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ මා වග, මා හැර අන් දෙවි කෙනකු නැති වග, නුඹලා දැනගන්නවා ඇත. මින් මතු මගේ ජනයා ලජ්ජාවට පත් කරනු ලබන්නේ නැත. ස්වාමින්වහන්සේගේ “එයින් පසු, මෙසේ සිදු වන්නේ ය. මම මගේ ආත්මයාණන් මාංසමය සියල්ලන් පිට වගුරුවමි. ඔබේ පුතුන් ද දූවරුන් ද දිවැසි වැකි පවසනු ඇත. ඔබේ වැඩිමහල් මිනිසුන් ස්වප්න දකිනු ඇත, ඔබේ තරුණයින් දර්ශන දකිනු ඇත.