යෝවෙල් 2:12-16
යෝවෙල් 2:12-16 SCV
“දැන්වත්, උපවාසයෙන් ද හැඬීමෙන් ද වැලපීමෙන් ද යුතු ව ඔබේ මුළු හදින් මා වෙත හැරී එන්නැ” යි ස්වාමින්වහන්සේ ප්‍රකාශ කරන සේක. ඔබගේ හැඳිවත් නො ව, ඔබගේ හදවත් ඉරාගෙන, ඔබගේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ වෙත ආපසු එන්න. මන්ද, උන්වහන්සේ දයාන්විත ය; අනුකම්පා සහගත ය; වහා නො කිපෙන සුළු ය; නොමියෙන ප්‍රේමයෙන් අපරිමිත ය; විපත්තිය පැමිණවීමෙහිලා ලිහිල පාන සේක. කවුරු දනිත් ද? උන්වහන්සේ සිත වෙනස් කර, දයාන්විත වී, ඔබේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේට ධාන්‍ය පූජා හා පාන පූජා සඳහා ආශිර්වාදයක් තබා යන්නට බැරි නැත. සියොනෙහි හොරණෑ පිඹ, ශුද්ධ උපවාසයක් ප්‍රකාශ කර, ශුද්ධ එක් රැස්වීමක් කැඳවන්න. ජනයා එක් රැස් කර, සභාව විශුද්ධ කරන්න; වැඩිහිටියන් එකට කැඳවන්න; කිරි බොන ළදරුවන් ඇතුළු ව දරුවන් එක් රැස් කරන්න; මනාලයා තම කුටිය ද මනාලිය තම කාමරය ද අතහැර ඒවා.





