පෙතූවෙල්ගේ පුත් යෝවෙල් වෙත පැමිණි ස්වාමින්වහන්සේගේ වචනය ය. වැඩිහිටියනි, මේ අහන්න! දේශයේ වෙසෙන සියල්ලෙනි, සවන් දෙන්න! ඔබගේ දවස්හි දී හෝ ඔබේ පියවරුන්ගේ දවස්හි දී කිසි දිනෙක මෙවැන්නක් සිදු වී තිබේ ද? එය ඔබේ දරුවන්ට පවසන්න. ඔවුහු ඒවා තම දරුවන්ට පවසත්වා! ඔවුන්ගේ දරුවෝ ඊළඟ පරම්පරාවට එය ම පවසත්වා! කපන පළඟැටි ඉතිරි කළ දෑ, පොකුරු පළඟැටි කා දැමූහ. පොකුරු පළඟැටි ඉතිරි කළ දෑ, පනින පළඟැටි කා දැමූහ; පනින පළඟැටි ඉතිරි කළ දෑ, වනසන පළඟැටි කා දැමූහ; බේබද්දනි, පිබිද, හඬා වැටෙනු! මිදි යුෂ පානය කරන සියල්ලෙනි, වැලපෙනු! අලුත් මිදි යුෂ නිසා වැලපෙනු! මන්ද, ඒවා ඔබේ මුවින් ඩැහැගනු ලැබ ඇත. ජාතියක් මගේ දේශය ආක්‍රමණ කර ඇත. ඔවුහු බලවත් ය, ගණන් නැති තරම් ය. ඊට සිංහයකුගේ දත් ද සිංහ දෙනකගේ දළ ද ඇත. ඔවුහු මගේ මිදි වැල් ආලාපාළු කර, මගේ අත්තික්කා ගස් වනසා දැමූහ. උන් ඒවායේ පොතු ගලවා, ඉවත හෙළා ඇත්තේ, එහි අතු සුදට හරවා ය. තුරුණු වියේ තම මනාලයා නිසා, ගෝණි රෙදි හැඳ, ශෝකයට පත් කන්‍යාවක සේ වැලපෙනු. ස්වාමින්වහන්සේගේ ගෘහයෙන් ධාන්‍ය පූජා හා පාන පූජා සිඳ දමා ඇත. ස්වාමින්වහන්සේ ඉදිරියෙහි තේවා කළ පූජකවරු හඬා වැලපෙති. කෙත් වතු පාළු කර දමා ඇත. පොළොව වැලපීමෙන් වියළී ගොසිනි. ධාන්‍ය විනාශ ව, අලුත් මිදි යුෂ සිඳී, ඔලීව තෙල් හිඟ වී ගොසිනි. එම්බා බිම් කොටන්නනි, ලජ්ජා වනු. මිදි-වවන්නනි, වැලපෙනු; තිරිඟු හා යව ගැන ශෝක වනු, මන්ද, කෙතේ අස්වැන්න විනාශ කරනු ලබන්නේ ය. මිදි වැල් වියළී ගොසිනි; අත්තික්කා ගස් මැලවී ගොසිනි; දෙළුම්, ඉඳි හා ඇපල් ගස් ද එසේ ම ය. කෙත් වත්හි සියලු ගස්, වැල්, කොළ වියළී ගොසිනි; මිනිස් වර්ගයාගේ සතුට මැලවී ගොසිනි.
යෝවෙල් 1 කියවන්න
බෙදාගන්න
සියලුම අනුවාද සසඳන්න: යෝවෙල් 1:1-12
බයිබල් පද ලකුණු කරගන්න, අන්තර්ජාලය නොමැතිව බයිබලය කියවන්න, බයිබලය අධ්‍යනය කරන කුඩා වීඩියෝ පටි නරඹන්න සහ තවත් බොහෝමයක්!
නිවස
බයිබලය
සැලසුම්
වීඩියෝ