යෝබ් 7
7
1“මිනිසාට මිහි පිට ඇත්තේ දුෂ්කර සේවයක් නො වේ ද?
ඔහුගේ දවස්, කුලීකරුවකුගේ දවස් මෙන් නො වේ ද?
2සවස් සෙවණැල්ලට ආශා කරන දාසයකු හෝ
දවස් කුලිය බලා සිටින කුලීකරුවකු හෝ මෙන් නො වේ ද?
3එබැවින් මට බෙදා වෙන් කර දී ඇත්තේ නිරර්ථක මාස වේ;
මට පවරා දී ඇත්තේ දුක්ඛිත රාත්‍රියන් ය.
4මා නිදන්නට යන කල, ‘එළිවන්නට කොතෙක් වේලා යා දෝ’ යි සිත සිතා ඉන්නෙමි;
එහෙත් රාත්‍රිය දිග ය. පහන් වන තුරා මම පෙරළි පෙරළී සිටිමි.
5මගේ ගත වසා පණුවෝ ය; තුවාල කබොලු ය;
මගේ හම බිඳී, සැරව ගලයි.
6“රෙදි වියන්නාගේ නඩාව මෙන් මගේ දවස් යුහු යුහු ව ගෙවේ;
බලාපොරොත්තු රහිත ව ම ඒවා අවසානයට ළඟා වී ඇත.
7මගේ ජීවිතය සුසුමක් පමණක් වග සිහි කළ මැනව,
යළි කිසි දින මගේ දෑසින් මා යහපත දකිනු නැත.
8දැන් මා දකින ඔබගේ ඇසට යළිත් මා දකින්නට ලැබෙන්නේ නැත.
මා කොහේදැයි ඔබ සොයනු ඇත; එහෙත් මා කොහෙවත් නො වනු ඇත.
9වලාකුළක් පහ වී නො පෙනී යන්නා සේ,
ෂෙයෝලයට#7:9 පාතාලයට හෙවත් මළවුන්ගේ ස්ථානයට බැස යන්නා ආපසු පැමිණෙන්නේ නැත.
10යළි කිසි දින ඔහු තම නිවසට එන්නේ නැත;
ඔහු සිටි තැන තවත් ඔහුව දැනගන්නේ නැත.
11“එබැවින් මා කට පියාගන්නේ නැත;
ආත්මයේ සංතාපයෙන් යුතු ව, මම කතා කරමි.
ජීවයේ දැඩි ශෝකයෙන් යුතු ව පැමිණිලි කරමි.
12මොකද මට මුරකාවල් ලා සිටින්නේ?
මා මහ මුහුද ද? නැතහොත් මා ගැඹුරේ මුහුදු රකුසෙක් ද?
13මගේ යහන මට සැනසිල්ල ගෙන එයි;
මගේ කවිච්චිය මගේ ශෝකය දරා ගනීයැයි මා සිතන විටදී පවා,
14ඔබ සිහිනවලින් මා භය ගන්වයි,
දර්ශනවලින් මා ත්‍රස්ත කරයි.
15එසේ වන්නේ මගේ මේ ශරීරය වෙනුවට
ගෙල මිරිකා, මරණු ලැබීම මගේ කැමැත්ත වනු පිණිස ය.
16මගේ ජීවිතය මට අප්‍රසන්න ය; මා සදහට ජීවත් වන්නේ නැත;
තනි වී ඉන්නට මට ඉඩ හරින්න; මගේ ජීවිතයේ දවස් හුස්මක් ව තිබේ.
17“මිනිසා ගැන ඔබ ඔතරම් ඉහළින් සලකන්නට,
ඔතරම් අවධානයක් යොමන්නට ඔහු කවරෙක් ද?
18හැම උදයක ම ඔහු සෝදිසි කරන්නට,
හැම මොහොතක ම ඔහු පරීක්ෂා කරන්නට ඔහු කවරෙක් ද?
19කිසි විටෙක ඔබගේ බැල්ම මවෙතින් ඉවතට නො ගන්නා සේක් ද?
කෙළ ගිලින ඇසිල්ලකටවත් මට තනියෙන් ඉන්නට නො දෙන සේක් ද?
20මම පව් කළා වුව ද, ඔබට මම කුමක් කළෙම් ද?
අහෝ මිනිසුන්ගේ මුරකරුවාණන්වහන්ස,
මා ඔබේ ඉලක්කය කර ගත්තේ මන්ද?
මම ඔබට බරක් වුණෙම් ද?
21මගේ වරදට කමා වී,
මගේ පාප ඉවත නො දමන්නේ ඇයි?
මන්ද මම ඉක්මනින් ධූලියෙහි වැතිරෙන්නෙමි.
ඔබ මා සොයනු ඇත; එහෙත් තවත් මා නො සිටිනු ඇත.”
දැනට තෝරාගෙන ඇත:
යෝබ් 7: SCV
සළකුණු කරන්න
බෙදාගන්න
පිටපත් කරන්න
ඔබගේ සියලු උපාංග හරහා ඔබගේ සළකුණු කල පද වෙත ප්‍රවේශ වීමට අවශ්‍යද? ලියාපදිංචි වී නව ගිණුමක් සාදන්න හෝ ඔබගේ ගිණුමට ඔබගේ ගිණුමට පිවිසෙන්න
Holy Bible, Sinhala Contemporary Version™ | © 1980, 1991, 1994, 2011, 2020, 2025 by Biblica, Inc. | Used with permission. All rights reserved worldwide.

: