යෝබ් 5:6-9
යෝබ් 5:6-9 SCV
මන්ද අපහසුතා, දූවිල්ලෙන් පැන නො නගී; කරදර මහ පොළොවෙන් හට නො ගනී. ගිනි පුපුරු ඉහළ නගින්නා සේ, මිනිසා ඉපිද ඇත්තේ දුක් විඳින්නට ය. “එහෙත් ඒ මම නම්, දෙවියන්වහන්සේට අභියාචනා කර, මගේ දුක්-ගැනවිල්ල උන්වහන්සේ ඉදිරියේ තබමි. සොයා දැනගත නො හැකි ආශ්චර්යයන් සිදු කරන උන්වහන්සේ, ගණන් කළ නො හැකි තරම් හාස්කම් පානා සේක.

