යෝබ් 42:7-10

යෝබ් 42:7-10 SCV

ස්වාමින්වහන්සේ යෝබ්ට මේ දෑ කී පසු, තේමානීය එලීෆස් ඇමතූ ස්වාමින්වහන්සේ, “මම ඔබ සමඟත්, ඔබේ මිතුරන් දෙදෙනා සමඟත් කෝපයෙන් සිටිමි. මන්ද මගේ සේවක යෝබ් මෙන් නො ව, නුඹලා මා ගැන හරි ලෙස කතා කළේ නැත. එබැවින් දැන් ගවයන් හත්දෙනකු හා බැටළුවන් හත්දෙනකු ගෙන, මගේ සේවක යෝබ් වෙත ගොස්, නුඹලා උදෙසා දවන යාග පූජාවක් ඔප්පු කරන්න. මගේ සේවක යෝබ් ඔබ උදෙසා යාච්ඤා කරනු ඇත; මම ඔහුගේ යාච්ඤාව පිළිගෙන, නුඹලාගේ මෝඩකමට නිසි විපාකය නුඹලා පිටට නො පමුණුවමි. මන්ද මගේ සේවක යෝබ් මෙන් නො ව, නුඹලා මා ගැන හරි ලෙස කතා කළේ නැතැ” යි පැවසූ සේක. එවිට තේමානීය එලීෆස් ද ෂූහීය බිල්දද් හා නාමාතීය සෝෆර් ද ස්වාමින්වහන්සේ ඔවුන්ට කී පරිදි කළෝ ය. ස්වාමින්වහන්සේ යෝබ්ගේ යාච්ඤාව පිළිගත් සේක. යෝබ් ඔහුගේ මිතුරන් උදෙසා යාච්ඤා කළ පසු ස්වාමින්වහන්සේ භාග්‍යයෙහි ඔහු යළි පිහිටෙවු සේක. කලින් ඔහු සතු ව පැවති දෑ මෙන් දෙගුණයක් ස්වාමින්වහන්සේ ඔහුට දුන් සේක.

මෙයට අදාළ වීඩියෝ

යෝබ් 42:7-10 සම්බන්ධව නිදහස් කියවීමේ සැලසුම් සහ පූජනීයත්වය