යෝබ් 40
40
1 ස්වාමින්වහන්සේ තවදුරටත් යෝබ් අමතමින්,
2“සර්ව පරාක්‍රමයාණන් සමඟ විවාද කරන්නා උන්වහන්සේ නිවැරදි කරන්නේ ද?
දෙවියන්වහන්සේට දෝෂාරෝපණ කරන්නා උන්වහන්සේට උත්තර දෙන්නේ දැ?” යි
ඇසූ සේක.
3එවිට යෝබ් ස්වාමින්වහන්සේට පිළිතුරු දෙමින්,
4“අහෝ මම නො වටින්නෙක්මි; මම කෙසේ ඔබට උත්තර දෙන්නෙම් ද?
මම මගේ අතින් මගේ කට වසා ගනිමි.
5එක් වරක් මම කතා කළෙමි; පිළිතුරු නො දෙමි.
මම දෙවරක් කතා කළෙමි. ඉන්පසු කතා නො කරමි” යි
පැවසී ය.
6එවිට ස්වාමින්වහන්සේ කුණාටුවේ සිට යෝබ්ට උත්තර දෙමින් මෙසේ පැවසූ සේක:
7“පිරිමියකු සේ ඔබේ ඉඟටිය බැඳ ගන්න.
මම ඔබෙන් ප්‍රශ්න කරන්නෙමි;
ඔබ මට උත්තර දිය යුතුයි.
8“නුඹ මගේ යුක්තිය වැරදියයි තීරණය කරනවා ද?
නුඹ ම, නුඹ නිවැරදි යයි කියා ගනිමින් වරද මා පිට පටවනවා ද?
9දෙවියන්වහන්සේගේ වැනි බාහුවක් ඔබට තියේ ද?
නුඹේ කටහඬින් උන්වහන්සේ වාගේ ගර්ජනා කරන්නට නුඹට පුළුවන් ද?
10පුළුවන් නම්, තේජශ්‍රීයෙන් හා ශෝභාශ්‍රීයෙන් සැරසී,
ගෞරවය හා ශ්‍රී විභූතිය පැලඳ ගන්න.
11නුඹේ උදහසේ ක්‍රෝධය වගුරවමින්,
උඩඟු හැම මිනිසකු දෙස බලා, ඔවුන් පහතට ඇද දමන්න.
12උඩඟු හැම මිනිසකු දෙස ම බලා, ඔවුන්ගේ ඔද බිඳින්න.
දුෂ්ටයින් ඔවුන් සිටිනා තැන්හි දී ම පාගා දමන්න.
13ඔවුන් හැම ධූලියෙහි එකට වළලා,
ඔවුන්ගේ මුහුණු මිනී වළෙහි වසා දමන්න;
14අන්න එවිට නුඹේ ම දකුණත නුඹ ගලවන්නට සමත් වග දැන
මමත් නුඹ පසසන්නෙමි.
15“බලන්න! බෙහේමොත් දිහා;
මා නුඹ සෑදූ පරිදි ම ඌත් සෑදීමි;
ඌ ගවයකු සේ තණ කයි.
16බලන්න! උගේ තුනටිය පෙදෙසේ ඇති ශක්තිය කොතෙක් ද!
උගේ බඩේ මස්ගොබවල ඇති ප්‍රබලත්වය!
17උගේ වලිගය දේවදාර ගසක් සේ නැමේ;
උගේ කලවා නහර එකට, බැම්මට ගෙතී ඇත.
18උගේ ඇටකටු ලෝකඩ නළ වෙයි.
උගේ ගාත් යකඩ කූරු වැන්න.
19දෙවියන්වහන්සේගේ වැඩ අතරේ ඌ පළමු තැන ගනී;
එහෙත් උගේ මැවුම්කරුවාණන්ට තම අසිපත ඇති ව ඌට ළං විය හැකි ය.
20ඌට අහර සැපයෙන්නේ
වන සතුන් සෙල්ලම් කරන කඳුකරයෙනි.
21ඌ ලගින්නේ වගුරුවල බට පඳුරු අතරේ,
නෙළුම් ගස් යට ය.
22නෙළුම් ගස් සිය සෙවණේ ඌ සඟවා ගනී;
දිය දහරේ පොප්ලර් ගස් ඌ වටකර ගනී.
23ගංගාව වියරුව දෙගොඩ තළා ගියත් ඌ බය නො වේ;
යොර්දාන් නදිය උගේ කටට නාසයට උඩින් ගැලුවත් ඌ සුරක්ෂිත ය.
24උගේ ඇස්වලින් යමකුට ඌ අල්ලා ගත හැකි ද?
ඌට උගුලක් අටවන්නට හෝ උගේ නාසය සිදුරු කරන්නට හැකි වේ ද?
දැනට තෝරාගෙන ඇත:
යෝබ් 40: SCV
සළකුණු කරන්න
බෙදාගන්න
පිටපත් කරන්න
ඔබගේ සියලු උපාංග හරහා ඔබගේ සළකුණු කල පද වෙත ප්‍රවේශ වීමට අවශ්‍යද? ලියාපදිංචි වී නව ගිණුමක් සාදන්න හෝ ඔබගේ ගිණුමට ඔබගේ ගිණුමට පිවිසෙන්න
Holy Bible, Sinhala Contemporary Version™ | © 1980, 1991, 1994, 2011, 2020, 2025 by Biblica, Inc. | Used with permission. All rights reserved worldwide.

: