යෝබ් 40:1-8

යෝබ් 40:1-8 SCV

ස්වාමින්වහන්සේ තවදුරටත් යෝබ් අමතමින්, “සර්ව පරාක්‍රමයාණන් සමඟ විවාද කරන්නා උන්වහන්සේ නිවැරදි කරන්නේ ද? දෙවියන්වහන්සේට දෝෂාරෝපණ කරන්නා උන්වහන්සේට උත්තර දෙන්නේ දැ?” යි ඇසූ සේක. එවිට යෝබ් ස්වාමින්වහන්සේට පිළිතුරු දෙමින්, “අහෝ මම නො වටින්නෙක්මි; මම කෙසේ ඔබට උත්තර දෙන්නෙම් ද? මම මගේ අතින් මගේ කට වසා ගනිමි. එක් වරක් මම කතා කළෙමි; පිළිතුරු නො දෙමි. මම දෙවරක් කතා කළෙමි. ඉන්පසු කතා නො කරමි” යි පැවසී ය. එවිට ස්වාමින්වහන්සේ කුණාටුවේ සිට යෝබ්ට උත්තර දෙමින් මෙසේ පැවසූ සේක: “පිරිමියකු සේ ඔබේ ඉඟටිය බැඳ ගන්න. මම ඔබෙන් ප්‍රශ්න කරන්නෙමි; ඔබ මට උත්තර දිය යුතුයි. “නුඹ මගේ යුක්තිය වැරදියයි තීරණය කරනවා ද? නුඹ ම, නුඹ නිවැරදි යයි කියා ගනිමින් වරද මා පිට පටවනවා ද?