ස්වාමින්වහන්සේ තවදුරටත් යෝබ් අමතමින්, “සර්ව පරාක්‍රමයාණන් සමඟ විවාද කරන්නා උන්වහන්සේ නිවැරදි කරන්නේ ද? දෙවියන්වහන්සේට දෝෂාරෝපණ කරන්නා උන්වහන්සේට උත්තර දෙන්නේ දැ?” යි ඇසූ සේක. එවිට යෝබ් ස්වාමින්වහන්සේට පිළිතුරු දෙමින්, “අහෝ මම නො වටින්නෙක්මි; මම කෙසේ ඔබට උත්තර දෙන්නෙම් ද? මම මගේ අතින් මගේ කට වසා ගනිමි. එක් වරක් මම කතා කළෙමි; පිළිතුරු නො දෙමි. මම දෙවරක් කතා කළෙමි. ඉන්පසු කතා නො කරමි” යි පැවසී ය. එවිට ස්වාමින්වහන්සේ කුණාටුවේ සිට යෝබ්ට උත්තර දෙමින් මෙසේ පැවසූ සේක: “පිරිමියකු සේ ඔබේ ඉඟටිය බැඳ ගන්න. මම ඔබෙන් ප්‍රශ්න කරන්නෙමි; ඔබ මට උත්තර දිය යුතුයි. “නුඹ මගේ යුක්තිය වැරදියයි තීරණය කරනවා ද? නුඹ ම, නුඹ නිවැරදි යයි කියා ගනිමින් වරද මා පිට පටවනවා ද? දෙවියන්වහන්සේගේ වැනි බාහුවක් ඔබට තියේ ද? නුඹේ කටහඬින් උන්වහන්සේ වාගේ ගර්ජනා කරන්නට නුඹට පුළුවන් ද? පුළුවන් නම්, තේජශ්‍රීයෙන් හා ශෝභාශ්‍රීයෙන් සැරසී, ගෞරවය හා ශ්‍රී විභූතිය පැලඳ ගන්න. නුඹේ උදහසේ ක්‍රෝධය වගුරවමින්, උඩඟු හැම මිනිසකු දෙස බලා, ඔවුන් පහතට ඇද දමන්න. උඩඟු හැම මිනිසකු දෙස ම බලා, ඔවුන්ගේ ඔද බිඳින්න. දුෂ්ටයින් ඔවුන් සිටිනා තැන්හි දී ම පාගා දමන්න. ඔවුන් හැම ධූලියෙහි එකට වළලා, ඔවුන්ගේ මුහුණු මිනී වළෙහි වසා දමන්න; අන්න එවිට නුඹේ ම දකුණත නුඹ ගලවන්නට සමත් වග දැන මමත් නුඹ පසසන්නෙමි.
යෝබ් 40 කියවන්න
බෙදාගන්න
සියලුම අනුවාද සසඳන්න: යෝබ් 40:1-14
5 Days
Have you ever questioned God? Did you worry that your faith would disappear because you wrestled with God’s will and his Word? Apologist Lisa Victoria Fields has good news for you. Wrestling is not the death of your faith. Wrestling is actually the key to growing in your relationship with God.
23 Days
The book of Job chronicles testing a righteous man's faith through suffering. Although Job's friends attempt to comfort him, it is only by God's revelation of His wisdom and might that Job finds true comfort. Even in deep suffering, God can do all things, and none of His purposes can be thwarted (Job 42:2).
බයිබල් පද ලකුණු කරගන්න, අන්තර්ජාලය නොමැතිව බයිබලය කියවන්න, බයිබලය අධ්‍යනය කරන කුඩා වීඩියෝ පටි නරඹන්න සහ තවත් බොහෝමයක්!
නිවස
බයිබලය
සැලසුම්
වීඩියෝ