යෝබ් 38
38
ස්වාමින්වහන්සේගේ ඇමතීම
1එවිට ස්වාමින්වහන්සේ කුණාටුවේ සිට යෝබ්ට උත්තර දෙමින් මෙසේ පැවසූ සේක:
2“දැනගැන්මෙන් තොර වචනවලින්
මගේ දැනමුතුකම් අඳුරු කරන මොහු කවරෙක් ද?
3පිරිමියකු සේ ඔබේ ඉඟටිය බැඳගෙන,
මට උත්තර දෙන්න;
මම ඔබෙන් ප්‍රශ්න කරන්නෙමි.
4“මා පොළොවේ අත්තිවාරම් දමන විට ඔබ සිටියේ කොහේ ද?
වැටහීම ඇත්නම් කියන්න.
5එහි පරිමාණය නියම කළේ කවුරු ද? ඇත්තෙන් ම ඔබ දන්නවා ඇති!
ඒ හරහා මැනුම් පටිය ඇද්දේ කවුරු ද?
6එහි පාද තල ලූයේ කවරක් පිට ද?
එහි කොන් ගල තැබුවේ කවුරුන් ද?
7පහන් තාරකා එක් ව ගායනා කරද්දී,
දෙවියන්වහන්සේගේ සියලු පුත්‍රයින්#38:7 පුත්‍රයින් එනම් දේව දූතයින් ප්‍රීති ඝෝෂා නගද්දී එසේ කළේ කවුරු ද?
8“ගර්භයෙන් පිට ව ගලා දිවෙන විට
දොරටු වසා, මුහුද ගැලීම නතර කළේ කවුරු ද?
9මා වලාකුළු එහි ඇඳුම ද
ඝන අන්ධකාරය එහි දවටනය ද කර,
10ඊට සීමා-මායිම් නියම කර,
එහි දොරටු හා දොරගුල් පිහිටුවා,
11මම මෙසේ පැවසීමි: ‘මෙතැන දක්වා පමණයි; එතැනින් එහාට ඔබට යා නො හැකියි.
ඔබේ අහංකාර රළ, නතර විය යුතු තැන මෙතැනයි.’
12“අරුණෝදයට එහි ස්ථානය පෙන්වන පිණිස,
ඔබ කිසි දවසක උදෑසනට නියෝග දී තියේ ද?
13එමඟින් එය පොළොවේ කෙළවර ග්‍රහණය කිරීමෙන්,
දුෂ්ටයින් පන්නා දැම්මේ ද?
14මුද්‍රා තබන ලද මැටි මෙන් පොළොව වෙනස් වේ;
එය ඇඳුමක හැඩරුව ගනී.
15දුෂ්ටයින් වෙතින් ඔවුන්ගේ එළිය වළක්වනු ලැබේ;
ඔසවන ලද ඔවුන්ගේ බාහුව ද බිඳිනු ලැබේ.
16“සයුරේ උල්පත් වෙත ඔබ ගමන් කර තියෙනවා ද?
ගැඹුරේ ගුප්ත තැන්හි සක්මන් කර තියෙනවා ද?
17මරණයේ දොරටු ඔබට පෙන්වනු ලැබුවේ ද?
ඝන කළුවරේ දොරටු ඔබ දැක තිබේ ද?
18පොළොවේ විශාලත්වය ගැන ඔබට අවබෝධයක් තිබේ ද?
මේ සියල්ල ගැන ඔබ දන්නවා නම් මට කියන්න.
19“ආලෝකයේ නිවාසයට පාර කොහේ ද?
අන්ධකාරයේ පදිංචිය කොතැන ද?
20ඒ ඒ තැන්වලට ඒවාට මග පෙන්වන්නට ඔබට පුළුවන් ද?
ඒවායේ නිවෙස්වලට යන මාවත් ඔබ දන්නවා ද?
21ඇත්තෙන් ම ඔබ දන්නවා ඇති! එවකටත් ඔබ ඉපදී සිටියා නො වැ!
ඔබ ජීවත් ව සිටි අවුරුදු ගණන බොහොමයි!
22“හිම ගබඩාවලට ඔබ ඇතුල් ව තියෙනවා ද?
හිම කැට ගබඩා ඔබ දැක තියෙනවා ද?
23මා ඒවා වෙන් කර තබා ඇත්තේ විපත්ති දවස් සඳහා ය.
යුද්ධය හා සංග්රාම දවස් සඳහා ය.
24විදුලි එළිය විහිදුවා හරින තැනට පාර කොතැන ද?
පෘතුවිය හරහා පෙරදිග සුළඟ විසිරී යන්නේ කොතැනින් ද?
25ධාරානිපාත වර්ෂාවට වැහි-මාර්ග කපන්නේත්,
විදුලි අකුණුවලට මාවතක් තැනුවේත් කවුරු ද?
26එසේ කර ඇත්තේ, කිසිවකුත් වෙසෙන්නේ නැති පෙදෙසක් වූ,
කිසි මිනිසකු නැති කාන්තාරයට ජලය සපයන්නටත්,
27පාළු නිසරු දේශය සනහාලමින්
එහි තෘණ හටගන්වන්නටත් ය.
28වර්ෂාවට පියකු සිටිනවා ද?
පිනි බිඳු ජනිත කළේ කවුරු ද?
29හිම බිහිවන්නේ කවරකුගේ ගර්භයෙන් ද?
අහස් තුෂාර බිහි කරන්නේ කවුරු ද?
30වතුර, ගලක් සේ දැඩි ව කැටිගැසුණ කල,
ගැඹුරේ මතු පිට මිදුණ කල, එසේ කරන්නේ කවුරු ද?
31“හත්දින්නත් තරු ගැට ගසන්නට හෝ
මුව සිරස තරු පටියේ බැමි ලිහන්නට හෝ ඔබට පුළුවන් ද?
32ග්‍රහ මඬුල්ලේ තාරකා රාශිය නියම කලට ඉදිරිපත් කරන්නට ඔබට පුළුවන් ද?
මහ වලසා සහ පැටවුන් යන තරු පන්තිය මෙහෙයවන්නට ඔබට පුළුවන් ද?
33අහස් කුස නීතිය ඔබ දන්නවා ද?
එම නීතිය මිහි පිට ස්ථාපිත කරන්නට ඔබට පුළුවන් ද?
34“වලාකුළුවලට ඇසෙන්නට උස් හඬ නගන්නට හා
ජල ධාරාවකින් ඔබ වසා ගන්නට ඔබට පුළුවන් ද?
35ඔබ විදුලි අකුණු ධාරා ඒවායේ මාර්ගවල යවනවා ද?
‘අප මෙතැන’ යි කියා ඒවා ඔබට සැල කරනවා ද?
36හදවතට ප්‍රඥාව ඇතුළු කළෙත්,
මනසට වැටහීම ලබා දුන්නේත් කවුරු ද?
37වලාකුළු ගණින්නට ප්‍රඥාව ඇත්තේ කවරකුට ද?
අහසේ භාජනවලින් දිය වගුරුවන්නට හැක්කේ කවරකුට ද?
38එසේ කරන්නේ, දූවිලි ඝන වී,
පස් පිඩැලි එකට කැටිවන කල්හි ය.
39“සිංහයාට ගොදුරක් දඩයම් කර දෙන්නට ඔබට පුළුවන් ද?
සිංහ නාම්බාගේ කුසගින්න නිවා,
40උන් තම ගුහාවල ලැග සිටින කල,
ලැහැබෙහි සැඟවී රැක සිටින විට උන් තෘප්තිමත් කරන්නට ඔබට හැකි ද?
41කපුටු පැටවුන් කෑම ඉල්ලා දෙවියන්වහන්සේට කෑ ගසන විට,
කෑම හිඟ ව උන් තැන තැන යන විට
කපුටන්ට කෑම සපයා දෙන්නේ කවුරු ද?
දැනට තෝරාගෙන ඇත:
යෝබ් 38: SCV
සළකුණු කරන්න
බෙදාගන්න
පිටපත් කරන්න
ඔබගේ සියලු උපාංග හරහා ඔබගේ සළකුණු කල පද වෙත ප්‍රවේශ වීමට අවශ්‍යද? ලියාපදිංචි වී නව ගිණුමක් සාදන්න හෝ ඔබගේ ගිණුමට ඔබගේ ගිණුමට පිවිසෙන්න
Holy Bible, Sinhala Contemporary Version™ | © 1980, 1991, 1994, 2011, 2020, 2025 by Biblica, Inc. | Used with permission. All rights reserved worldwide.

: