යෝබ් 31:38-40

යෝබ් 31:38-40 SCV

“මගේ භූමිය මට එරෙහිව හඬා වැටේ නම්, එහි හීවිටි සියල්ල කඳුළින් තෙත් වේ නම්, ගෙවීමක් නො කර එහි පල මා භුක්ති වින්දා නම්, එහි බදුකරුවන්ගේ ජීවිත විනාශ කර දැම්මා නම්, තිරිඟු වෙනුවට එහි කටු පඳුරු වැවේවා! යව වෙනුවට ගඳ වල් පැළෑටි හට ගැනේවා!” යෝබ්ගේ වචන එතෙකින් නිමයි.