යෝබ් 31:21-23

යෝබ් 31:21-23 SCV

උසාවියේදී මට බල-පුළුවන්කමක් කළ හැකි වග දැන, පියා අහිමි අනාථයින්ට එරෙහිව මා අත එසවූවා නම්, මගේ උරහිස උරහිස්-සන්ධියෙන් පනීවා; මගේ බාහුව වැලමිටෙන් බිඳේවා. මන්ද දෙවියන්වහන්සේගෙන් වන විනාශය මට භීතියක් විය; උන්වහන්සේගේ තේජෝමහිමයට ඇති භය නිසා මට එවැන්නක් කළ නො හැකි විණ.