යෝබ් 31:1-4

යෝබ් 31:1-4 SCV

“කන්‍යාවක දෙස අනුරාගී ව නො බලන්නට මගේ ඇස සමඟ මම ගිවිසුමක් කළෙමි. ඉහළ සිටින දෙවියන්වහන්සේගෙන් මට ලැබෙන කොටසත්, උසස් තැන්හි සිටින සර්ව පරාක්‍රමයාණන්ගෙන් මට ලැබෙන උරුමයත් කිමෙක් ද? දුෂ්ටයනට විනාශයත්, වරද කරන්නවුනට විපත්තියත් නො වේ ද? උන්වහන්සේ මගේ මාර්ග දකින්නේ නැති ද? මගේ හැම පියවරක් ම ගණන් නො කරන්නේ ද?