යෝබ් 30:26-31

යෝබ් 30:26-31 SCV

එහෙත් මා යහපත බලාපොරොත්තු වූ කල, පැමිණියේ නපුර ය; මා එළිය බලා සිටි කල පැමිණියේ අඳුර ය. මා ගත අභ්‍යන්තරයේ කැකෑරීමට නැවතුමක් නැත; විඳවීමේ දවස් මා මුහුණ ඉදිරිපිට තිබේ. මම අව්වට නො ව, සොවට කළු වී ඔබ මොබ ඇවිදිමි; මම සභාව මැද නැගී සිට උපකාර ඉල්ලා හඬ ගාමි. මම සිවලුන්ගේ සහෝදරයෙක් බවට හා උකුසු බකමූණන්ගේ සහචරයෙක් බවට පත් ව සිටිමි. මගේ හම කළුගැසෙමින් පොතු ගැලවෙයි; මගේ සිරුර උණෙන් ගිනියම් වෙයි. මගේ වීණාව වැලපීමකට ද මගේ නළාව විලාපයකට ද හැරී ඇත.