යෝබ් 30:16-20

යෝබ් 30:16-20 SCV

“දැන් මගේ ජීවිතය ක්ෂය වීගෙන යයි; වේදනාවේ දවස් මා ග්‍රහණයට ගත්තේ ය. රාත්‍රිය මගේ ඇටකටු සිදුරු කරයි; මා විකාදමන වේදනාව විවේක නො ගනී. මහා බලයකින් මගේ ඇඳුම් විකෘති කෙරිණි; එය මගේ කර පටියෙන් මෙන් මා බැඳ දැමී ය. දෙවියන්වහන්සේ මඩ ගොඩට මා තල්ලු කළ සේක; මම අළු දූලි ගානට පත් ව ඇත්තෙමි. “මම ඔබවහන්සේට හඬ ගාන්නෙමි; එහෙත් ඔබ උත්තර දෙන්නේ නැත; ඔබ අබියස සිට ගත්තෙමි; එහෙත් ඔබ ඔහේ බලා ඉන්නවා පමණි.