යෝබ් 18:1-4
යෝබ් 18:1-4 SCV
එකල ෂූහීය බිල්දද් පිළිතුරු දෙමින් මෙසේ පැවසී ය: “ඔබේ මේ කතා නවත්වන්නේ කොයි වේලේ ද? තේරුම් ගන්න, එවිට අපට කතා කළ හැකි ය. අප ගොන් රැළකැයි සලකනු ලබන්නේ ඇයි? ඔබ හමුවේ අප මෝඩයින් සේ ගණන් ගන්නේ ඇයි? ඔබගේ කෝපයෙන් ඔබ ම කැබලිවලට ඉරාගනී; ඔබ නිසා පොළොව අතහැර දැමිය යුතු ද? නැතහොත් පර්වත ඒවා පිහිටි තැන්වලින් ඉවත් කර දැමිය යුතු ද?

