යෝබ් 14:1-9

යෝබ් 14:1-9 SCV

“ස්ත්‍රියකගෙන් උපන් මිනිසාගේ ජීවිත දවස් අල්ප ය. ඒවා කරදරයෙන් පිරිලා ය. ඔහු මලක් මෙන් පිපී, පරව යයි; සෙවණැල්ලක් මෙන් වහා පහ වී යයි; ඔහු අනිත්‍ය ය. එබඳු වූවකු වෙත ඔබ ඔබගේ බැල්ම යොමු කරනවා ද? ඔබ ඉදිරිපිට විනිශ්චයට ඔබ ඔහු ගෙන්වනවා ද? අපවිත්‍ර දෙයකින් පවිත්‍ර දෙයක් උපදවන්න පුළුවන් කවරකුට ද? කිසිවකුටත් බැරි ය. මිනිසාගේ ජීවිත දවස් තීන්දු කර තිබේ; ඔහුට ඉක්මවා ගිය නො හැකි ලෙස සීමා පනවමින්, ඔහු ජීවත් වන මාස ගණන ඔබවහන්සේ නියම කර ඇත; එබැවින් කුලීකරුවකු සේ ඔහු තම දවස භුක්ති විඳ නිම වන තුරු, ඔහුට පාඩුවේ ඉන්නට හැර ඔහු වෙතින් ඔබේ බැල්ම ඉවතට ගත මැන. “මන්ද ගසකට වුව ද, බලාපොරොත්තුවක් ඇත; කපා දමනු ලැබුව ද, එය යළි ලියලයි; එහි නව රිකිලි දිගට ම දළුලයි; එහි මුල් කල් ගෙවී, පොළොවේ දිරා යනු ඇත; එහි කඳ පසෙහි මැරී යනු ඇත, එහෙත් ජලයේ ඉව දැනීමෙන් එය දළු ලා, පැළෑටියක් මෙන් අතු-රිකිලි ලා වැඩේ.

මෙයට අදාළ වීඩියෝ