යෝබ් 10:1-7

යෝබ් 10:1-7 SCV

“මගේ ම ජීවිතය මම අප්‍රිය කරමි; එබැවින් මගේ පැමිණිල්ල විවෘත ව ම දක්වමින්, මගේ ජීවයේ ශෝකයෙන් යුතු ව කතා කරන්නෙමි. මම දෙවියන්වහන්සේට මෙසේ කියන්නෙමි: මා වරදකරු ලෙස තීන්දු නො කළ මැනව; එහෙත් මට එරෙහිව ඔබ චෝදනා කරන්නේ ඇයි දැයි පවසන්න. දුෂ්ටයින්ගේ උපාය මාර්ගවලට සතුට පල කරන අතරේ, මා පීඩාවට පත් කිරීමෙන්, ඔබගේ ම අත්වල නිපැයුම හෙළා දැකීමෙන් ඔබ සතුටක් ලබනවා ද? ඔබට පෘථග්ජන ඇස් තිබේ ද? ඔබ බලන්නේ මේ මිනිස් අප බලන අයුරින් ම ද? ඔබගේ දවස් මිනිසුන්ගේ දවස් වගේ ද? ඔබගේ අවුරුදු මිනිසාගේ අවුරුදු වගේ ද? එසේ නො වේ නම්, මගේ වැරදි සොය සොයා, මගේ පාප සෝදිසියට ලක් කරන්නේ ඇයි? මා නිර්දෝෂ වග ද ඔබ අතින් මා ගලවන්නට කිසිවකුට නුපුළුවන් වග ද ඔබ දන්නා සේක.

මෙයට අදාළ වීඩියෝ