යොහන් 8:31-58

යොහන් 8:31-58 SCV

තමන් තුළ විශ්වාස කළ යුදෙව්වරුන් ඇමතූ යේසුස්වහන්සේ, “ඔබ මගේ වචනයේ පිහිටා සිටිනවා නම්, සැබවින් ම ඔබ මගේ ගෝලයෝයි. එවිට ඔබ සත්‍යය දැනගන්නවා ඇත; ඒ සත්‍යය ඔබ නිදහස් කරනු ඇතැ” යි පැවසූ සේක. ඔවුහු උන්වහන්සේට පිළිතුරු දෙමින්, “අප පැවත එන්නේ ආබ්‍රහම්ගෙන්; අප කිසිදාක, කිසිවකුට වහල් ව සිටියේ නෑ. එහෙම නම්, ‘ඔබ නිදහස් වනු ඇතැ’ යි ඔබ කියන්නේ කොහොම දැ?” යි ඇසූහ. යේසුස්වහන්සේ ඔවුන්ට පිළිතුරු දෙමින්, “සැබවින් ම, සැබවින් ම මා ඔබට කියන්නේ, පව් කරන හැම කෙනෙක් ම පාපයේ වහලකු බවයි. වහලා සදහට නිවසේ සිටින්නේ නැහැ; එහෙත් පුත්‍රයා සදහට ම එහි සිටී. එබැවින් පුත්‍රයා ඔබ නිදහස් කරයි නම්, ඔබ සැබවින් ම නිදහස් වෙයි. ඔබ ආබ්‍රහම්ගෙන් පැවතෙන්නන් වග මා දන්නවා. එහෙත් ඔබ, මා මරන්නට සොයයි. මන්ද මගේ වචනයට ඔබ තුළ කිසි ඉඩක් නැත. මා පවසන්නේ, මගේ පියාණන්ගෙන් මා දුටු දේයි. එමෙන් ඔබ කරන්නේ, ඔබේ පියාගෙන් ඔබ ඇසූ දේ යැ” යි කී සේක. “අපේ පියා ආබ්‍රහම්” යැයි ඔවුහු පිළිතුරු දුන්හ. යේසුස්වහන්සේ ඔවුන් අමතමින්, “නුඹලා ආබ්‍රහම්ගේ දරුවෝ නම්, නුඹලා කළ යුතු ව ඇත්තේ ආබ්‍රහම් කළ දෑයි. නමුත් දෙවියන්වහන්සේගෙන් ඇසූ සත්‍යය ඔබට කී මනුෂ්‍යයකු වන මා මරා දමන්නට නුඹලා සොයයි. ආබ්‍රහම් කළේ එය නො වෙයි. නුඹලා කරන්නේ, නුඹලාගේ පියා කළ දේ යැ” යි පවසත් ම, ඔවුහු, “අප නම් අවජාතකයෝ නො වෙයි. අපට ඉන්නේ එක ම පියෙක්; ඒ දෙවියන්වහන්සේ යැ” යි විරෝධය පෑහ. යේසුස්වහන්සේ ඔවුන් අමතමින්, “දෙවියන්වහන්සේ ඔබගේ පියාණන් නම්, ඔබ මට ප්‍රේම කළ යුතුයි; මන්ද මම දෙවියන්වහන්සේ වෙතින් පැමිණ, දැන් මෙහි සිටින්නෙමි. මා මගේ ම කැමැත්තට ආවා නො වෙයි. මා එවුවේ උන්වහන්සේයි. මා කියන දේ ඔබ වටහා නො ගන්නේ මොකද? එසේ වන්නේ මගේ වචන පිළිගන්නට ඔබ අපොහොසත් නිසයි. නුඹලා, නුඹලාගේ පියා වන යක්ෂයාගෙන්. නුඹලාගේ කැමැත්ත නුඹලාගේ පියාගේ ආශාව ඉෂ්ට කිරීමයි. ඔහු පටන් ගැන්මේ සිට මිනී මරන්නෙක්; සත්‍යය සමඟ ඔහුට කිසි සම්බන්ධයක් නැහැ; මන්ද ඔහු තුළ සත්‍යතාවක් නැහැ. ඔහු බොරු කියන විට, ඔහු ප්‍රකාශ කරන්නේ ඔහුගේ සහජ ගතියයි. මන්ද ඔහු බොරුකාරයෙක්; බොරුවේ පියා ඔහුයි. එනමුත් මා සත්‍යය පවසන බැවින්, නුඹලා මා විශ්වාස කරන්නේ නැත. මා පව් කළ වරදකරුවෙකැයි ඔප්පු කළ හැක්කේ ඔබ අතරින් කවරකුට ද? මා සත්‍යය පවසනවා නම්, ඔබ මා විශ්වාස නො කරන්නේ ඇයි? දෙවියන්වහන්සේට අයිති තැනැත්තා දෙවියන්වහන්සේගේ වචනවලට සවන් දෙයි. ඔබ සවන් නො දීමේ හේතුව ඔබ උන්වහන්සේට අයිති නැති වීම යැ” යි පැවසූ සේක. එවිට යුදෙව්වරු උන්වහන්සේට පිළිතුරු දෙමින්, “ඔබ සමාරියයෙක් කියාත්, ඔබට යක්ෂාත්මයක් වැහිලා ය කියාත් අප කීවා හරි නො වේ දැ?” යි කීවෝ ය. යේසුස්වහන්සේ පිළිතුරු දෙමින්, “මට ඇති යක්ෂාත්මයක් නැහැ; එහෙත් මම මගේ පියාණන්වහන්සේට ගෞරව කරන්නෙමි. නුඹලා මට කරන්නේ අගෞරවයකි. එසේ වුවත් මා මගේ ම මහිමය සොයන්නේ නැත. එහෙත් එය සොයන කෙනෙක් ඇත; විනිශ්චයකරුවාණෝ උන්වහන්සේයි. සැබවින් ම, සැබවින් ම මා ඔබට කියන්නේ, මගේ වචනය පිළිපදින කෙනකු වේ ද, කිසි කල ඔහු මරණය දකින්නේ නැතැ” යි පැවසූ සේක. එවිට යුදෙව්වරු, “ඔබට යක්ෂාත්මයක් වැහිලා ය කියා දැන් අප දන්නවා. ආබ්‍රහම් මියැදුණා; දිවැසිවරුන් ද එසේමයි. එහෙත් ඔබ කියන්නේ, ඔබේ වචන පිළිපදින්නා කිසි කල මරණය විඳින්නේ නැත කියායි. අපේ පියාණන් වූ ආබ්‍රහම්ටත් වඩා ඔබ උත්තමයෙක් ද? ඔහු මියැදුණා; දිවැසිවරුන් ද මියැදුණා. ඔබ කියන්නේ ඔබ කවුරුන් කියා දැ?” යි උන්වහන්සේට කීහ. යේසුස්වහන්සේ පිළිතුරු දෙමින්, “මා විසින් ම මා මහිමයට පත් කර ගන්නවා නම්, මගේ ඒ මහිමයේ වටිනාකමක් නැහැ. මා මහිමයට පමුණුවන්නේ ඔබ ඔබගේ දෙවියන්වහන්සේ යයි කියන මගේ පියාණන්වහන්සේයි. ඔබ උන්වහන්සේ දන්නේ නැති නමුත්, මා උන්වහන්සේ දන්නවා. මා උන්වහන්සේ දන්නේ නැතැයි කීවොත් මාත් ඔබ හා සමාන බොරුකාරයෙක් වේවි. එහෙත් මා උන්වහන්සේ දන්නවා. උන්වහන්සේගේ වචනය ද මා රක්ෂා කරනවා. ඔබේ පියා වූ ආබ්‍රහම් මගේ දවස දකින්නට සිටියේ ප්‍රීතියෙන්; ඔහු එය දැක ප්‍රමෝදයට පත් වී යැ” යි කීවේ ය. “ඔබට තවම අවුරුදු පනහක්වත් නැහැ; ඔබ ආබ්‍රහම් දුටුවා දැ?” යි එවිට යුදෙව්වරු උන්වහන්සේගෙන් ඇසූහ. යේසුස්වහන්සේ ඔවුන්ට පිළිතුරු දෙමින්, “සැබවින් ම, සැබවින් ම මා ඔබට කියන්නේ, ආබ්‍රහම් සිටින්නටත් පෙර සිට මම සිටිමි” යි පැවසූ සේක.

යොහන් 8:31-58 බයිබල් පද/ය සහිත රූප

යොහන් 8:31-58 - තමන් තුළ විශ්වාස කළ යුදෙව්වරුන් ඇමතූ යේසුස්වහන්සේ, “ඔබ මගේ වචනයේ පිහිටා සිටිනවා නම්, සැබවින් ම ඔබ මගේ ගෝලයෝයි. එවිට ඔබ සත්‍යය දැනගන්නවා ඇත; ඒ සත්‍යය ඔබ නිදහස් කරනු ඇතැ” යි පැවසූ සේක.
ඔවුහු උන්වහන්සේට පිළිතුරු දෙමින්, “අප පැවත එන්නේ ආබ්‍රහම්ගෙන්; අප කිසිදාක, කිසිවකුට වහල් ව සිටියේ නෑ. එහෙම නම්, ‘ඔබ නිදහස් වනු ඇතැ’ යි ඔබ කියන්නේ කොහොම දැ?” යි ඇසූහ.
යේසුස්වහන්සේ ඔවුන්ට පිළිතුරු දෙමින්, “සැබවින් ම, සැබවින් ම මා ඔබට කියන්නේ, පව් කරන හැම කෙනෙක් ම පාපයේ වහලකු බවයි. වහලා සදහට නිවසේ සිටින්නේ නැහැ; එහෙත් පුත්‍රයා සදහට ම එහි සිටී. එබැවින් පුත්‍රයා ඔබ නිදහස් කරයි නම්, ඔබ සැබවින් ම නිදහස් වෙයි. ඔබ ආබ්‍රහම්ගෙන් පැවතෙන්නන් වග මා දන්නවා. එහෙත් ඔබ, මා මරන්නට සොයයි. මන්ද මගේ වචනයට ඔබ තුළ කිසි ඉඩක් නැත. මා පවසන්නේ, මගේ පියාණන්ගෙන් මා දුටු දේයි. එමෙන් ඔබ කරන්නේ, ඔබේ පියාගෙන් ඔබ ඇසූ දේ යැ” යි කී සේක.
“අපේ පියා ආබ්‍රහම්” යැයි ඔවුහු පිළිතුරු දුන්හ.
යේසුස්වහන්සේ ඔවුන් අමතමින්, “නුඹලා ආබ්‍රහම්ගේ දරුවෝ නම්, නුඹලා කළ යුතු ව ඇත්තේ ආබ්‍රහම් කළ දෑයි. නමුත් දෙවියන්වහන්සේගෙන් ඇසූ සත්‍යය ඔබට කී මනුෂ්‍යයකු වන මා මරා දමන්නට නුඹලා සොයයි. ආබ්‍රහම් කළේ එය නො වෙයි. නුඹලා කරන්නේ, නුඹලාගේ පියා කළ දේ යැ” යි පවසත් ම,
ඔවුහු, “අප නම් අවජාතකයෝ නො වෙයි. අපට ඉන්නේ එක ම පියෙක්; ඒ දෙවියන්වහන්සේ යැ” යි විරෝධය පෑහ.
යේසුස්වහන්සේ ඔවුන් අමතමින්, “දෙවියන්වහන්සේ ඔබගේ පියාණන් නම්, ඔබ මට ප්‍රේම කළ යුතුයි; මන්ද මම දෙවියන්වහන්සේ වෙතින් පැමිණ, දැන් මෙහි සිටින්නෙමි. මා මගේ ම කැමැත්තට ආවා නො වෙයි. මා එවුවේ උන්වහන්සේයි. මා කියන දේ ඔබ වටහා නො ගන්නේ මොකද? එසේ වන්නේ මගේ වචන පිළිගන්නට ඔබ අපොහොසත් නිසයි. නුඹලා, නුඹලාගේ පියා වන යක්ෂයාගෙන්. නුඹලාගේ කැමැත්ත නුඹලාගේ පියාගේ ආශාව ඉෂ්ට කිරීමයි. ඔහු පටන් ගැන්මේ සිට මිනී මරන්නෙක්; සත්‍යය සමඟ ඔහුට කිසි සම්බන්ධයක් නැහැ; මන්ද ඔහු තුළ සත්‍යතාවක් නැහැ. ඔහු බොරු කියන විට, ඔහු ප්‍රකාශ කරන්නේ ඔහුගේ සහජ ගතියයි. මන්ද ඔහු බොරුකාරයෙක්; බොරුවේ පියා ඔහුයි. එනමුත් මා සත්‍යය පවසන බැවින්, නුඹලා මා විශ්වාස කරන්නේ නැත. මා පව් කළ වරදකරුවෙකැයි ඔප්පු කළ හැක්කේ ඔබ අතරින් කවරකුට ද? මා සත්‍යය පවසනවා නම්, ඔබ මා විශ්වාස නො කරන්නේ ඇයි? දෙවියන්වහන්සේට අයිති තැනැත්තා දෙවියන්වහන්සේගේ වචනවලට සවන් දෙයි. ඔබ සවන් නො දීමේ හේතුව ඔබ උන්වහන්සේට අයිති නැති වීම යැ” යි පැවසූ සේක.

එවිට යුදෙව්වරු උන්වහන්සේට පිළිතුරු දෙමින්, “ඔබ සමාරියයෙක් කියාත්, ඔබට යක්ෂාත්මයක් වැහිලා ය කියාත් අප කීවා හරි නො වේ දැ?” යි කීවෝ ය.
යේසුස්වහන්සේ පිළිතුරු දෙමින්, “මට ඇති යක්ෂාත්මයක් නැහැ; එහෙත් මම මගේ පියාණන්වහන්සේට ගෞරව කරන්නෙමි. නුඹලා මට කරන්නේ අගෞරවයකි. එසේ වුවත් මා මගේ ම මහිමය සොයන්නේ නැත. එහෙත් එය සොයන කෙනෙක් ඇත; විනිශ්චයකරුවාණෝ උන්වහන්සේයි. සැබවින් ම, සැබවින් ම මා ඔබට කියන්නේ, මගේ වචනය පිළිපදින කෙනකු වේ ද, කිසි කල ඔහු මරණය දකින්නේ නැතැ” යි පැවසූ සේක.
එවිට යුදෙව්වරු, “ඔබට යක්ෂාත්මයක් වැහිලා ය කියා දැන් අප දන්නවා. ආබ්‍රහම් මියැදුණා; දිවැසිවරුන් ද එසේමයි. එහෙත් ඔබ කියන්නේ, ඔබේ වචන පිළිපදින්නා කිසි කල මරණය විඳින්නේ නැත කියායි. අපේ පියාණන් වූ ආබ්‍රහම්ටත් වඩා ඔබ උත්තමයෙක් ද? ඔහු මියැදුණා; දිවැසිවරුන් ද මියැදුණා. ඔබ කියන්නේ ඔබ කවුරුන් කියා දැ?” යි උන්වහන්සේට කීහ.
යේසුස්වහන්සේ පිළිතුරු දෙමින්, “මා විසින් ම මා මහිමයට පත් කර ගන්නවා නම්, මගේ ඒ මහිමයේ වටිනාකමක් නැහැ. මා මහිමයට පමුණුවන්නේ ඔබ ඔබගේ දෙවියන්වහන්සේ යයි කියන මගේ පියාණන්වහන්සේයි. ඔබ උන්වහන්සේ දන්නේ නැති නමුත්, මා උන්වහන්සේ දන්නවා. මා උන්වහන්සේ දන්නේ නැතැයි කීවොත් මාත් ඔබ හා සමාන බොරුකාරයෙක් වේවි. එහෙත් මා උන්වහන්සේ දන්නවා. උන්වහන්සේගේ වචනය ද මා රක්ෂා කරනවා. ඔබේ පියා වූ ආබ්‍රහම් මගේ දවස දකින්නට සිටියේ ප්‍රීතියෙන්; ඔහු එය දැක ප්‍රමෝදයට පත් වී යැ” යි කීවේ ය.
“ඔබට තවම අවුරුදු පනහක්වත් නැහැ; ඔබ ආබ්‍රහම් දුටුවා දැ?” යි එවිට යුදෙව්වරු උන්වහන්සේගෙන් ඇසූහ.
යේසුස්වහන්සේ ඔවුන්ට පිළිතුරු දෙමින්, “සැබවින් ම, සැබවින් ම මා ඔබට කියන්නේ, ආබ්‍රහම් සිටින්නටත් පෙර සිට මම සිටිමි” යි පැවසූ සේක.යොහන් 8:31-58 - තමන් තුළ විශ්වාස කළ යුදෙව්වරුන් ඇමතූ යේසුස්වහන්සේ, “ඔබ මගේ වචනයේ පිහිටා සිටිනවා නම්, සැබවින් ම ඔබ මගේ ගෝලයෝයි. එවිට ඔබ සත්‍යය දැනගන්නවා ඇත; ඒ සත්‍යය ඔබ නිදහස් කරනු ඇතැ” යි පැවසූ සේක.

යේසුස්වහන්සේ ඔවුන්ට පිළිතුරු දෙමින්, “සැබවින් ම, සැබවින් ම මා ඔබට කියන්නේ, ආබ්‍රහම් සිටින්නටත් පෙර සිට මම සිටිමි” යි පැවසූ සේක.