යුදෙව් කූඩාරම් මංගල්‍යය ළං වූයෙන්, උන්වහන්සේගේ සහෝදරයෝ උන්වහන්සේට කතා කොට, “ඔබ කරන වැඩ ඔබේ ගෝලයින් ද දකින පිණිස, මෙහෙන් නික්ම යුදයට යන්න; ප්‍රසිද්ධිය සොයන කිසි කෙනෙක් රහසේ කටයුතු කරන්නේ නැහැ. ඔබ මේ දේවල් කරන බැවින් ලෝකයාට ප්‍රකාශ වන්නැ” යි කීහ. මන්ද උන්වහන්සේගේ සහෝදරයින් පවා උන්වහන්සේ විශ්වාස කළේ නැත. යේසුස්වහන්සේ ඔවුන්ට පිළිතුරු දෙමින්, “මගේ වෙලාව තවම පැමිණ නැත. එහෙත් ඔබට කවර වේලාවත් සුදුසුයි. ඔබට වෛර කරන්නට ලෝකයට නුපුළුවන; එහෙත් එය මට වෛර කරයි. මන්ද එහි වැඩ නපුරු බවට මා සාක්ෂි දරන බැවිනි. ඔබ මංගල්‍යයට යන්න. මා දැන් ම මේ මංගල්‍යයට යන්නේ නෑ; තවමත් මගේ හරි වෙලාව පැමිණ නැතැ” යි කී සේක. එසේ පැවසූ පසු, උන්වහන්සේ ගලීලයේ ම නැවතී සිටි සේක. කෙසේ වෙතත් තම සහෝදරයින් මංගල්‍යයට පිටත් ව ගිය පසු, උන්වහන්සේ ද ප්‍රසිද්ධියේ නො ව, රහසින් මෙන් එහි ගිය සේක.
යොහන් 7 කියවන්න
බෙදාගන්න
සියලුම අනුවාද සසඳන්න: යොහන් 7:2-10
බයිබල් පද ලකුණු කරගන්න, අන්තර්ජාලය නොමැතිව බයිබලය කියවන්න, බයිබලය අධ්‍යනය කරන කුඩා වීඩියෝ පටි නරඹන්න සහ තවත් බොහෝමයක්!
නිවස
බයිබලය
සැලසුම්
වීඩියෝ