යොහන් 7:1-6

යොහන් 7:1-6 SCV

මෙයින් පසු යේසුස්වහන්සේ ගලීලයේ සැරි සැරූ සේක. යුදෙව්වරුන්, උන්වහන්සේ මරා දමන්නට සෙවූ බැවින්, යුදයේ තැනින් තැන යෑමට උන්වහන්සේ නො කැමති වූ සේක. යුදෙව් කූඩාරම් මංගල්‍යය ළං වූයෙන්, උන්වහන්සේගේ සහෝදරයෝ උන්වහන්සේට කතා කොට, “ඔබ කරන වැඩ ඔබේ ගෝලයින් ද දකින පිණිස, මෙහෙන් නික්ම යුදයට යන්න; ප්‍රසිද්ධිය සොයන කිසි කෙනෙක් රහසේ කටයුතු කරන්නේ නැහැ. ඔබ මේ දේවල් කරන බැවින් ලෝකයාට ප්‍රකාශ වන්නැ” යි කීහ. මන්ද උන්වහන්සේගේ සහෝදරයින් පවා උන්වහන්සේ විශ්වාස කළේ නැත. යේසුස්වහන්සේ ඔවුන්ට පිළිතුරු දෙමින්, “මගේ වෙලාව තවම පැමිණ නැත. එහෙත් ඔබට කවර වේලාවත් සුදුසුයි.