යොහන් 6:1-3
යොහන් 6:1-3 SCV
මෙයින් පසු යේසුස්වහන්සේ තිබේරියස් නම් වූ ගලීල මුහුදින් එතෙරට ගිය සේක. උන්වහන්සේ රෝගීන් උදෙසා දක්වා තිබූ අනුහස් ලකුණු දැක තිබූ බැවින් විශාල පිරිසක් උන්වහන්සේ පසු පස ගියහ. කන්දට නැගුණු යේසුස්වහන්සේ තම ගෝලයින් සමඟ වාඩිගත් සේක.

