යොහන් 5:2-9

යොහන් 5:2-9 SCV

යෙරුසලම්හි බැටළු දොරටුව ළඟ හෙබ්‍රෙව් බසින්, “බෙතෙස්දා” නමින් පොකුණක් ද ඒ පොකුණ වටා ආවරණ සහිත ආරුක්කු පහක් ද වෙයි. කොර, අන්ධ, අංසබාග ආදී ආබාධිත සමූහයක් ඒවායේ වැතිර, රැඳී වුන්හ. ඔවුන් එසේ සිටියේ දේව දූතයෙක් පැමිණ, කලින් කල පොකුණ කලඹතැයි ද එසේ කැළැතූ දියට මුලින් ම බට කවර රෝගියකු වුව සුව වෙතැයි ද යන විශ්වාසයට අනුව දිය කැළතෙන තෙක් ය. තිස්අට වසරක් ගිලන් ව සිටි මිනිහෙක් ද එහි වූයේ ය. යේසුස්වහන්සේ ඔහු දැක, දිගු කලක් ඔහු එසේ වැතිර සිටි වග දැන, “ඔබ සුවය ලබන්නට කැමති දැ?” යි ඇසූ සේක. ගිලාන මිනිසා, “අනේ මහත්මයා, වතුර කැලඹෙද්දී පොකුණට බස්වන්නට අත්-උදව්කාරයෙක් මට නැහැ; හැම විට මා බහින්න හදද්දී කවුරු හරි මට කලින් බැහැලා ඉවර යැ” යි පැවසී ය. එවිට යේසුස්වහන්සේ, “නැගිටින්න; ඔබේ යහන උසුලාගෙන ඇවිද යන්නැ” යි පැවසූ සේක. එකෙණෙහි ම සුවය ලද ඒ මිනිසා තම යහන ද උසුලාගෙන, ඇවිද ගියේ ය. ඒ දවස සබතක් ය.

යොහන් 5:2-9 සම්බන්ධව නිදහස් කියවීමේ සැලසුම් සහ පූජනීයත්වය