යේසුස්වහන්සේ වතුර, මිදි යුෂ බවට පත් කළ ගලීලයේ කානා නගරය කරා උන්වහන්සේ යළි පැමිණි සේක. රෝගී පුත්‍රයකු සිටි එක්තරා රජයේ නිලධාරියෙක් කපර්ණවුම්හි සිටියේ ය. යේසුස්වහන්සේ යුදයේ සිට ගලීලයට ආ වග ඇසූ හෙතෙම උන්වහන්සේ හමුවට ගොස්, උන්වහන්සේට කන්නලව් කරමින්, අවුත් මරණාසන්න ව සිටින තම පුත්‍රයා සුව කර දෙන මෙන් අයැදී ය. යේසුස්වහන්සේ ඔහු අමතා, “අනුහස් ලකුණු හා පුදුම දුටුවොත් මිස, ඔබට විශ්වාස කරන්න බැහැ නො වේ දැ?” යි ඇසූ සේක. “මහත්මයාණනි, අනේ මගේ දරුවා මැරෙන්නට කලින් අව මැනව” යි රජයේ නිලධාරියා කියා සිටියේ ය. “යන්න; ඔබේ පුත්‍රයා ජීවත් වනු ඇතැ” යි යේසුස්වහන්සේ පැවසූ කල, ඔහු උන්වහන්සේගේ වචන පිළිගෙන ආපසු ගියේ ය. ඔහු මග යද්දී ම ඔහුගේ ගෙදර මෙහෙකරුවෝ ඔහු හමු වී, “ඔබේ පුතාට සුවය ලැබුණා” යි දැන්වූහ. ඔහුට සුවය ලැබුණේ කවර වේලාවෙදැයි ඔහු ඔවුන්ගෙන් විමසූ විට, “ඊයේ හත් වන පැයේදී ඔහුගේ උණ බැස්සා” යි ඔවුහු කීහ. “ඔබේ පුත්‍රයා ජීවත් වනු ඇතැ” යි යේසුස්වහන්සේ පැවසුවේ හරියට ම ඒ වෙලාවේ බව පියාට අවබෝධ විය. එබැවින් ඔහු පමණක් නො ව ඔහුගේ නිවසේ සැවොම ද අදහා ගත්හ. යේසුස්වහන්සේ යුදයේ සිට ගලීලයට පැමිණි පසු දැක් වූ දෙවන අනුහස් ලකුණ මෙයයි.
යොහන් 4 කියවන්න
බෙදාගන්න
සියලුම අනුවාද සසඳන්න: යොහන් 4:46-54
30 දින
යේසුස් වහන්සේ පොළොවේ ජීවත් වූ කාලයේ මිනිසුන් වෙනුවෙන් ඇදහිය නොහැකි දේවල් කිහිපයක් කළේය. ඔබ මෙම බයිබල් සැලැස්ම කියවන විට, ඔබ යේසුස් වහන්සේව උන්වහන්සේගේ සම්පූර්ණනත්වයෙන්ම අත්දකිනු ඇතැයි අපි බලාපොරොත්තු වෙමු. මෙලොව ජීවිතයේදී ආශ්චර්යමත් දේ සිදුවීම සඳහා දෙවියන් වහන්සේව විශ්වාස කිරීම අපි අත් නොහැරිය යුතුය.
බයිබල් පද ලකුණු කරගන්න, අන්තර්ජාලය නොමැතිව බයිබලය කියවන්න, බයිබලය අධ්‍යනය කරන කුඩා වීඩියෝ පටි නරඹන්න සහ තවත් බොහෝමයක්!
නිවස
බයිබලය
සැලසුම්
වීඩියෝ