එකල ඈ, “මහත්මයා, කෝ! දිය අදින්නට කිසිවක් ඔබට නැහැ; ළිඳත් ගැඹුරුයි; ඒ ජීවන දිය ඔබ ලබා ගන්නේ කොහෙන් ද? අපේ ආදි පියා වූ යාකොබ්ටත් වඩා ඔබ ශ්‍රේෂ්ඨ ද? මේ ළිඳ අපට දුන්නේ ඔහුයි; ඔහුත් මෙයින් බීවා; ඔහුගේ පුත්‍රයිනුත්, ගව, එළු, බැටළු රංචුත් මෙයින් බීවා” යි කීවා ය. යේසුස්වහන්සේ පිළිතුරු දෙමින්, “මේ වතුර බොන හැම කෙනකුට නැවත පිපාස දැනේ; එනමුත්, මා දෙන දිය බොන කෙනකුට නැවත පිපාසය ඇති නො වේ. මා දෙන දිය බොන ඇත්තන් තුළ සදාතන ජීවන උල්පත් මැවෙන්නේ යැ” යි පැවසූ සේක. එවිට ඈ, “අනේ මටත් ඒ වතුර දෙන්න; එවිට ආයෙත් මට පිපාස වන්නේවත්, දිය අදින්නට මෙහි එන්නට වන්නේවත් නෑ” යි උන්වහන්සේට කීවා ය.
යොහන් 4 කියවන්න
බෙදාගන්න
සියලුම අනුවාද සසඳන්න: යොහන් 4:11-15
6 දින
ජේසුස් වහන්සේගේ සෑම අනුගාමිකයෙකුටම අනිවාර්යයෙන්ම හමුවන පාළුකරය, සම්පූර්ණයෙන්ම නරක නැත.එය දෙවියන් වහන්සේට ඉමහත් සමීපත්වයක් සහ අපගේ ජීවිතයේ උන්වහන්සේගේ අරමුණු පිළිබඳ වඩාත් පැහැදිලි බවක් ඇති කරන ස්ථානයක් විය හැකිය. මෙම සැලැස්ම පාළුකර සමයේ ආශ්චර්යය වෙත ඔබේ නෙත් විවර කිරීමට බලාපොරොත්තු වේ.
බයිබල් පද ලකුණු කරගන්න, අන්තර්ජාලය නොමැතිව බයිබලය කියවන්න, බයිබලය අධ්‍යනය කරන කුඩා වීඩියෝ පටි නරඹන්න සහ තවත් බොහෝමයක්!
නිවස
බයිබලය
සැලසුම්
වීඩියෝ