යොහන් 3:30-36

යොහන් 3:30-36 SCV

උන්වහන්සේ වැඩි වෙන්නටත්, මා අඩු වෙන්නටත් ඕනෑ ය.” ඉහළින් එන තැනැත්තා හැමෝට ම වඩා උතුම් ය; පොළොවෙන් වන තැනැත්තා අයිති පොළොවටයි. ඔහු කතා කරන්නේ පොළොවේ කෙනකු වගෙයි. ස්වර්ගයෙන් එන තැනැත්තා සියල්ලන්ට වඩා උතුම් ය. උන්වහන්සේ සාක්ෂි දරන්නේ, තමන් ඇසූ දුටු දේ ගැනයි; එනමුත් කිසිවකු උන්වහන්සේගේ සාක්ෂිය පිළිගන්නේ නෑ. උන්වහන්සේගේ සාක්ෂිය පිළිගන්නා කවරකු වුව දෙවියන්වහන්සේ සත්‍යය ම බවට, තම මුද්‍රාව තබයි. දෙවියන්වහන්සේ එවූ තැනැත්තා පවසන්නේ, දෙවියන්වහන්සේගේ ම වචනයි. මන්ද දෙවියන්වහන්සේ ආත්මයාණන් ප්‍රදාන කරන්නේ සීමාවක් නැතිවයි. දෙවියන්වහන්සේ ස්වකීය පුත්‍රයාට ප්‍රේම කරන සේක්, හැම දෙයක් ම පුත්‍රයාණන් අතට දී තිබේ. පුත්‍රයාණන් අදහන්නාට සදාතන ජීවනය තිබෙයි. එහෙත් පුත්‍රයාණන්ට කීකරු නො වන්නාට ජීවනය දකින්නට නො ලැබෙයි. දෙවියන්වහන්සේගේ උදහස ඔහු මත රැඳී පවතී.